“අයියෝ සාමි” ගීතය වෙනුවෙන් වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේදී සම්මාන දින​යි

· 1 min read
“අයියෝ සාමි” ගීතය වෙනුවෙන් වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේදී සම්මාන දින​යි

“අයියෝ සාමි” ගීතය වෙනුවෙන් වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16th Edison Awards 2023) වසරේ විශිෂ්ඨතම සංවේදී ගීතයට හෙවත් Best Sensational Song of the Year – 2023 සම්මානය හිමි කරගැනීමට සමත්ව තිබෙනවා.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන සම්මාන උළෙලක් වන අතර සම්මාන උළෙල ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර දී පැවැත්වීය.

චපල ස්වාමි පුරුෂයා නිසා සිය ජීවිතය ව්‍යසනයට ලක් වූ තරුණ බිරියකගේ සංවේදී කථනයක් ලෙස නිර්මාණය වන මේ ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ගීතයේ පද රචනය පොතුවිල් අස්මීන් නැමැති තරුණ නිර්මාණකරුවෙකුගේ ය. සංගීතය නිර්මාණය කරන්නේ සනුක වික්‍රමසිංහය. මෙම ගීතය ජාත්‍යාන්තර ගීත දර්ශකවල ඉහළටම පැමිණි ලාංකේය නිර්මාණයක් වූයේය. ඒ “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් පසුය.

මෙම සම්මාන ලබා ගැනීමේ අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතයේ සංගීතය නිර්මාණය කළ වින්ඩිගේ සැමියා වන සනුක වික්‍රමසිංහ ද එක්ව සිටියා.