Nelson Peltz විසින් මාවල් චිත්‍රපට සඳහා කාන්‍තාවන් සහ කළු ජාතිකයන් වැඩි වශයෙන් එක් කරගැනීම ගැන ප්‍රශ්න කරයි

· 1 min read
Nelson Peltz විසින් මාවල් චිත්‍රපට සඳහා කාන්‍තාවන් සහ කළු ජාතිකයන් වැඩි වශයෙන් එක් කරගැනීම ගැන ප්‍රශ්න කරයි

Disney සමාගමේ ආයෝජකයෙකු වන Nelson Peltz විසින් මාවල් චිත්‍රපට සඳහා කාන්‍තාවන් සහ කළු ජාතිකයන් වැඩි වශයෙන් එක් කරගැනීම ගැන ප්‍රශ්න කරයි.

ජනප්‍රිය ව්‍යාපාරකයෙකු, බිලියනපතියෙකු සහ Disney සමාගමේ ආයෝජකයෙකු වන Nelson Peltz මේ සම්බන්දව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ තමන්ට කාන්තාවන් සහ කළු ජාතිකයින් සමඟ ප්‍රශ්නයක් නොමැති අතර නමුත් Marvel චිත්‍රපට සඳහා කාන්තාවන් සහ කළු ජාතිකයින් වැඩි ප්‍රමාණයක් ගැනීම තමන්ට නොතේරන බවයි.

Why do I have to have a Marvel [movie] that’s all women? Not that I have anything against women, but why do I have to do that? Why can’t I have Marvels that are both? Why do I need an all-Black cast?

Nelson Peltz විසින් මේ දිනවල ඩිස්නි සමාගමේ මණ්ඩලයෙහි (board seats) තනතුරු දෙකකට තරඟ කරමින් පවතී.

ඔහුගේ මේ ප්‍රකාශය සම්බන්දව සමාජමාධ්‍ය තුල බොහෝ දෙනෙක් අදහස් දක්වමින් පවසන්නේ ඔහු ජාතිවාදියෙකු බවයි.