Dune විශ්වය සඳහා නිකුත් වන නවතම Prequel කතාමාලාව සඳහා ඉන්දියානු නිළියක් තෝරා ගනියි

· 1 min read
Dune විශ්වය සඳහා නිකුත් වන නවතම Prequel කතාමාලාව සඳහා ඉන්දියානු නිළියක් තෝරා ගනියි

Dune විශ්වය තුළ නිර්මාණය වීමට නියමිත නව Dune: Prophecy නම් prequel කතාමාලාවෙහි ප්‍රධාන චරිතයක් වන Sister Francesca සඳහා ප්‍රසිද්ධ ඉන්දියානු නිළියක් වන තබසුම් ෆාතිමා හශ්මි (Tabassum Fathima Hashmi) නොහොත් Tabu තෝරාගෙන තිබෙනවා.

විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ රචක Frank Herbert විසින් රචිත Dune කෘති මාලාවෙන් ඇරඹුණු Dune විශ්වයට අයත් කෘතියක් වන Brian Herbert සහ Kevin J. Anderson විසින් රචිත Sisterhood of Dune නම් කෘතිය පාදක කරගනිමින් මෙම කතාමාලාව නිර්මාණය කිරීමට නියමිතය.

මෙම කතාමාලාව මගින් Dune සහ Dune: Part II යන චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිතය වන Paul Atreides ගේ නැගී සිටීමට වසර 10,000 කට පමණ පෙර පෘථිවි වාසීන් වූ Harkonnen නම් සහෝදරියන් දෙදෙනා විසින් මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් එල්ල කරන බලවේගයන්ට එරෙහිව සටන් කිරීමට Bene Gesserit නම් නිකාය පිහිටුවීම පිළිබඳ කතාව දිග හැරෙනු ඇත.