ශ්‍රී ලංකා කොඩිය නාසා ගෙන ගිය පළමු ලාංකිකයා - පියුමි විජේසේකර

· 1 min read
ශ්‍රී ලංකා කොඩිය නාසා ගෙන ගිය පළමු ලාංකිකයා - පියුමි විජේසේකර

NASA විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්‍යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති "පියුමි විජේසේකර" ඇතුළත් වී තියෙනවා.

NASA හි Johnson Space Center එකේ නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) එකේ දවස් 45 ක් ගත කරන්න තමයි මෙම කණ්ඩායම තෝර ගෙන තියෙන්නේ.

ඔවුන් මැයි 10 සිට ජුනි 24 දක්වා මෙම සිමියුලේෂන් එක තුළ පර්‍යේෂණ කටයුතු සිදු කරන්න නියමිතයි.

සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් හුදකලාවීම, කුඩා ඉඩක දීර්ඝ කාලයක් සිටීම සහ දුරස්ථ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී විශේෂයෙන්ම අධ්‍යයනය කරනවා.

මේ වසරේ මෙම පර්‍යේෂණයට සහභාගී වන දෙවන කණ්ඩායම මෙයයි. තව කණ්ඩායම දෙකක් මේ වසර ඇතුළත මෙම පර්‍යේෂණයට සහභාගි වෙන්න නියමිතයි.

පියුමි විජේසේකර මේ වන විට Postdoctoral Scientist කෙනෙක් හැටියට NASA Ames Research Center එකේ වැඩ කරනවා.

පියුමි ගේ අධ්‍යාපන කටයුතු වුණේ Bioengineering සහ Biomedical Engineering අංශයෙන්.

පියුමි Bachelor's degree එක University of California එකෙන්ද, Master’s degree එක සහ PhD එක Carnegie Mellon University එකෙන්ද ලබා ගෙන තියෙනවා.