Amazon Prime - Blade Runner 2099 කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා මිෂෙල් යෝහ් එක්වෙයි

· 1 min read
Amazon Prime - Blade Runner 2099 කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා මිෂෙල් යෝහ් එක්වෙයි

අතිශය ප්‍රසිද්ධියට පත් Sci-fi චිත්‍රපට ද්විත්වයක් වන Blade Runner (1982) සහ Blade Runner 2049 (2017) හි දිගුවක් (sequel) ලෙස Amazon Prime Video වෙතින් Blade Runner 2099 නමින් කෙටි රූපවාහිනී කතාමාලාවක් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇත.

එහි ප්‍රධාන කාන්තා චරිතයක් සඳහා Everything Everywhere All at Once චිත්‍රපටයේ ප්‍රධාන නිළි Oscar සම්මානලාභී Michelle Yeoh තෝරා ගෙන ඇති බවට වාර්තා වනවා. එහි දී ඇය විසින් Olwen නම් තම ජීවිතයේ අවසානයට ආසන්නව සිටින චරිතයක් සඳහා පණ පෙවීමට නියමිත වන අතර එහි කතාව පිළිබඳව අදහස් දැක්වීම Amazon Prime ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.