ජනප්‍රිය Doge මීම්ස් වලට ආභාෂ වූ Kabosu නම් සුරතල් සුනඛයා මියයයි

· 1 min read
ජනප්‍රිය Doge මීම්ස් වලට ආභාෂ වූ Kabosu නම් සුරතල් සුනඛයා මියයයි

ජනප්‍රිය Doge මීම්ස් වලට ආභාෂ වූ Kabosu නම් සුරතල් සුනඛයා මියයයි. 18 වසරක් ජීවත් වූ Shiba Inu වර්ගයේ ගැහැණු සතෙක් වන ඇය අද උදෑසන මිය ගිය බවට ඔහුගේ හිමිකරු ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා හෙළිකර තිබුණා.

2010 වසරේදී අන්තර්ජාලය හරහා පළ කල ඡායාරූප කිහිපයකින් ජනප්‍රිය වූ Kabosu, මීම්ස් පමණක් නොව ලොව ජනප්‍රිය cryptocurrency ඒකකයක් වන Dogecoin නිර්මාණය වීමටද ආභාෂ වී තිබුණා.

Doge හෙවත් Kabosu නමින් හඳුන්වන මෙම සුනඛයාගේ හිමිකරු Atsuko Sato 2022 වසරේ දෙසැම්බර් මස හෙළි කළේ එවකට 17 හැවිරිදි Kabosu හට නිදන්ගත ලිම්ෆොසයිටික් ලියුකේමියාව, රුධිර හා ඇටමිදුළු පිළිකා වර්ගයක් වැළඳි ඇති බවයි.

කබෝසු හෙවත් doge ජපානයේ ජීවත් වෙන rescued හෙවත් බේරාගත් සුනඛයෙකු වන අතර කබෝසුගේ අයිතිකාරයා වෙන Atsuko Sato 2010 අවුරුද්දෙ ඔහුගේ blog අඩවියේ කබෝසුගේ පින්තූර කිහිපයක් පලකර පසු 2013 වසරේදී එම ඡායාරූප meme template එකක් ලෙස ජනප්‍රිය වී එම වසරේදීම Dogecoin නමින් cryptocurrency එකකුත් නිර්මාණය වෙනවා.

ඔබට සුබ ගමන් Kabosu (2005- 2024)

බොහෝ දෙනෙකු පසු ගිය වසරේ අගෝස්තු 18 වනදා මිය ගිය Cheems නමින් මීම්ස් හරහා ජනප්‍රිය වූ Balltze සුනඛයා සමඟ Doge නමින් ජනප්‍රිය මෙම සුනඛයාව පටලවාගෙන තිබෙනවා.