Call of Duty: Black Ops 6 පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

· 1 min read
Call of Duty: Black Ops 6 පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

අතිශය ජනප්‍රිය Call of Duty: Black Ops වීඩියෝ ක්‍රීඩා මාලාවේ Treyarch සමාගම විසින් සංවර්ධනය කරන ලද Call of Duty: Black Ops 6 වීඩියෝ ක්‍රීඩාව සඳහා වන පළමු පූර්ව ප්‍රචාරක පටය Call of Duty නිල යූටියුබ් චැනලය හරහා මීට පැය කිහිපයකට පෙර නිකුත් කොට තිබෙනවා.

“The Truth Lies” නමින් නම් කර ඇති එම වීඩියෝවෙහි COD BO 6 සහ පෙර Black Ops ක්‍රීඩා අතර සම්බන්ධතා පිළිබඳව සැඟවුණු ඉඟි සහ Eastereggs ඇතුළත් වන බවටද අන්තර්ජාලය තුළ බොහෝ දෙනා මත පල කරමින් පවසා සිටිනවා. කෙසේ වෙතත් මෙය මෙම වසරේ අග භාගයේ දී නිකුත් වීමට නියමිත වන අතර ලබන ජුනි 9 වන දින පැවැත්වීමට නියමිතව ඇති Xbox Games Showcase හි දී මේ පිළිබදව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කෙරෙනු ඇත.

මොකද හිතන්නෙ මේ අවුරුද්දේ අලුතෙන් එන Black Ops 6 game එක ගැන? ඒකත් MW 3 වගේ campaign එකක් වෙයිද?