දකුණු ඉන්දීය න​ළු ඩැනියෙල් බාලාජි මියය​යි

· 1 min read
දකුණු ඉන්දීය න​ළු ඩැනියෙල් බාලාජි මියය​යි

දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් බාලාජි ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 48 වියේ පසුව තිබෙනවා.

ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩැනියෙල් බාලාජි කුඩා තිරයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති අතර චිත්ති කතාමාලාවේ ඔහුගේ චරිතය සඳහා පුළුල් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

එමෙන්ම ඔහු Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu, සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති බවද සඳහන්.