IKEA ලෝගෝ එකේ කතාව

· 1 min read
IKEA ලෝගෝ එකේ කතාව

1943 දී ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ IKEA සමාගමේ නිර්මාතෘ වන්නේ Ingvar Kamprad.

ඔහු ඉපදෙන්නේ ඔවුන්ගේ පවුලට අයත් Elmtaryd නමින් හඳුන්වන ගොවිපොළේදී.

එම ගොවිපොළ පිහිටා තියෙන්නේ ස්වීඩනයේ Småland කියන ගම්මානයේ.

එහි තියෙන පල්ලියේ නම තමයි Agunnaryd කියන්නේ.

Ingvar Kamprad එයාගේ නම්වල මුල් අකුරු දෙකයි, ගොවිපොළේ නම වන Elmtaryd නමේ මුල් අකුරයි, පල්ලියේ නම වන Agunnaryd නමේ මුල් අකුරයි අරගෙන තමයි IKEA කියන නම එයාගේ සමාගමට දාන්නේ.

1982 දී ස්වීඩනයේ ජාතික කොඩියේ නිල් සහ කහ පාට ලෝගෝ එකට එකතු වුණා.