සිනමාවට සිදු කළ මෙහෙය අගය කරමින් ක්‍රිස්ටෝපර් නෝලන් සහ ඔහුගේ බිරිඳ හට නයිට් පදවිය​ක්

· 1 min read
සිනමාවට සිදු කළ මෙහෙය අගය කරමින් ක්‍රිස්ටෝපර් නෝලන් සහ ඔහුගේ බිරිඳ හට නයිට් පදවිය​ක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Christopher Nolan හට එංගලන්තයේදී Kinght පදවියක් පිරිනැමීමට සූදානම්ව සිටිනවා. ඒ ඔහු විසින් ලෝක සිනමාව වෙනුවෙන් සිදු කල මෙහය අගය කරමින් ගෞරවයක් වශයෙන්, ඒ සමඟින් ඔහුගේ බිරිඳ සහ නිෂ්පාදකවරිය වන Emma Thomas හට Damehood පදවියක්ද පිරිනැමීමට නියමිතයි. Knight පදවියෙන් පසු ඔහු Sir Christopher Nolan ලෙස හඳුන්වයි.

Dame පදවිය යනු පුරුෂයන්ට Knight පදවියට සමාන කාන්තාවන් සඳහා පිරිනැමනෙ ගෞරව පදවියකි. Dame පදවියක් ලබාගන්නා කාන්තාව පසුව Lady (ආර්‍යාව) යනුවෙන් ආමන්ත්‍රණය කරයි.