විලිය​ම් කුමරුගේ බිරිඳ පිළිකාවක් යැයි පැවසූ වීඩියෝව Deep Fake නිර්මාණය​ක් බව​ට චෝද​නා

· 1 min read
විලිය​ම් කුමරුගේ බිරිඳ පිළිකාවක් යැයි පැවසූ වීඩියෝව Deep Fake නිර්මාණය​ක් බව​ට චෝද​නා

ලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය පසුගිය 22දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවයි.

මේවන විට 42 වැනි වියෙහි පසුවන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් මෙම විඩියෝව තුළින් පැවසූවේ , ඇය පසුගිය ජනවාරී මාසයේ, ලන්ඩනයේදී විශාල උදර සැත්කමකට භාජනය වූ බවයි. නමුත්, සැත්කමෙන් පසුව සිදුකල පරීක්ෂණ වලදී නැවත පිළිකාමය ලක්ශණ පෙන්වීම හේතුවෙන් මේ වනවිට ඇය රසායනික චිකිත්සාවකට(කීමෝ තෙරපි) භාජනය වෙමින් සිටින බවද පවසා සිටියා.

ඇගේ පවුලට සහ වෛද්‍යවරුන්ට ඇය ස්තූතිය පළකර නමුත්, ඇගේ රෝගය කුමන අදියරේ පවතින්නක්ද යන්න නම් මෙම වීඩියෝවේ පැහැදිලිව පවසා තිබුණේ නැහැ. එසේම ඇය පවුල වෙනුවෙන් කාලය,අවකාශය සහ පෞද්ගලිකත්වය ඉල්ලා සිටියා.

කොහොම වුණත් මේ කතාව ඒ ගැන නෙවෙයි, ඇය නිකුත්කළ වීඩියෝව සම්බන්දවයි..

මේ වීඩියෝව නිකුත් කිරීමෙන් පසු බොහෝ දෙනෙක් පවසන්නේ මෙය සත්‍ය වීඩියෝවක් නොව ඩීප් ෆේක් තාක්ශණය ඇසුරෙන් සැකසූ වීඩියෝවක් බවයි

වීඩියෝව ව්‍යාජ (deep fake) එකක්ද?

විවිධ පුද්ගලයන් ඉතාම සෙමින් මෙම වීඩියෝද අධ්‍යනය කරමින් ඒ සදහා විවිධ අදහස් දක්වමින් සිටිනවා.

විටින් විට ඇස මත ඇතිවන තිත් සලකුණු ඇසේ වර්ණය වෙනස් වීම,කම්මුලේ වලගැසීම අතුරුදන්ව තිබීම, එක් ඇහි බැමක් අතාත්වික ලෙස ස්තාවරව ඉහලට එසැවී තිබීම , ඉතාම ආසන්නයේ නරඹන විට ඇස මුහුණෙන් එලියට එන අවස්තා , මගුල් මුද්ද අතුරුදන්වන අවස්තා, මෙන්ම හාස්‍යජනක ලෙස ඇය හැදසිටින ටී ශර්ටයේ ඉරිවල සෙවනැළි පවා පුටුවට වැටී තිබීම ආදි උදාහරණ බොහෝ ගණනක් පෙන්වා දෙනවා. වීඩියෝවේ පසුබිම නිශ්චල සහ ව්‍යාජ පරිසරයද ඔවුන් පෙන්වා දෙන තවත් සාදකයක්.

තවද ඩීප් ෆේක්වල තවමත් ඉතාම වරදවා දක්වන කොටසක් තමයි මුඛය , විශේෂයෙන්ම දත්.. මෙහි කේට් ගේ දත්වල පිහිටීමේ විශාල වෙනසක් බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබෙනවා.

ජායාරූපයක් හෝ වීඩියෝවක් ඔබේ ඇහැට සැබෑවක්ද ව්‍යාජ එකක්ද සෙවීමට අපහසු නම්, භාවිතාකල හැකි සරල යෙදවුමක් තමයි , online ai detector tools , මෙය එවන් වෙබ් අඩවි වෙත upload කලවිට , 96% වැඩි ප්‍රතිශතයක් මෙය Ai generated වීඩියෝවක් බවයි පෙන්වා දී තිබුණේ.

මෙවන් තත්වයක භයානකකම?

සැබෑ කේට් සිටින්නේ කොහේද ? ඇගේ ඇත්තම තත්වය කෙසේද? ඇතැම් අය ප්‍රශ්න කරනවා . ඇතැම් පුද්ගලයන් සැබෑ කේට් මියගොස් ඇතිබවත් මේ රජපවුල විලියම් ආරක්ශාකර ගැනීමට දරන උත්සහයක් බවටත් මත ප්‍රකාශ කරනවා.

සමහරු කේට් පිළිකාවකින් පීඩා නොවිදින බවත්, ඇය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයකට ගොදුරුව සිටින බවත් මෙය බලෙන් සකසා මහජනයා නොමග යැවීමට කල ව්‍යාජ වීඩියෝවක් පමණක් බවත් ප්‍රකාශ කරනවා.

අපිට කොතරම කෘත්‍රිම ලෙස පෙනුනත් මෙය සත්‍ය වීඩියෝවක් විය හැකියි , Ai Detector tools අනුව අවම 4% ක අවකාශයක් හෝ ඊට තිබෙනවා ,

ඉතින්, සැබෑ මිනිසෙක් පැමිණ වීඩියෝවක් නිකුත් කලත්, ඩීප් ෆේක් තාක්ශණය සමග ඇහැට පේන මේ දේ පවා විශ්වාස කල හැකිද යන සැකය දැන් අපේ හිතේ තිබෙනවා. එහෙයින් අප ජීවත්වන ලෝකය තව තවත් අනාරක්ශිත වෙමින් පවතිනවා.

මෙය සත්‍යක් නම්, ප්‍රබල පුද්ගලයින් පවා මෙවන් තාක්ශණය යොදාගෙන සාමාන්‍ය ජනතාවට වීඩියෝ නිකුත් කිරීම අනාගතයේ විශාල භයානක තත්ව ඇතිකල හැකිබවට පෙරයීම් කල හැකිය.

මන්ද, ප්‍රබල පුද්ගලයෙකුගේ මතභේදාත්මක ව්‍යාජ ප්‍රකාශයක්,ඉතා සුළු මොහොතකින් ලෝකයේ දැවැන්ත ගැටුමක් ඇති කිරීමට පවා හේතුවිය හැකි බැවිනි.

පසු සටහන

මින් පෙර මව්වරුන්ගේ දිනය (මාර්තු 10 - එංගලන්තය ) වෙනුවෙන් කේට් පලකල ජායාරූපයද එඩිට් එකක් බව බොහෝ දෙනෙක් පවසා තිබුණා .සෙමෙන් පරික්ශාකල විට එහි පොටෝශොප් වැරදි 15කට එහා ගණනක් ජයාරූප සංස්කරණය කරන්නන් විසින් සොයාගෙනත් තිබුණා. කේට්ගේ මුහුණ පවා 2016 සගරාවක පළවූ ජායාරූපයකින් ලබාගත් එකක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ .

එම ජායාරූපය ව්‍යාජ බව ප්‍රසිද්ධියේ පැවසූ අය අතර, බ්ලේක් ලයිව්ලි වැනි නිලියන් පවා සිටියා. කෙසේ නමුත් පසුව කේට් ඇගේ පිළිකා රෝගී තත්වය හෙළිකිරීම සමග බ්ලේක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා පෝස්ටුවක් පලකර තිබුණා.

කේට්ද පසුව, සමාජ මාධ්‍ය හරහා ඇගේ වරද පිළිගෙන සටහනක් දැමූ අතර ,ජායාරූපය පොටෝශොප් බව පිළිගෙන එය ගිණුමෙන් ඉවත්කරගෙන තිබුණා .