Batman v Superman: Dawn of Justice චිත්‍රපටය නිකුත් වී අදට වසර 8ක් සපිරෙයි

· 1 min read
Batman v Superman: Dawn of Justice චිත්‍රපටය නිකුත් වී අදට වසර 8ක් සපිරෙයි

016 වසරේ මාර්තු 25 වනදා නිකුත් වූ Zack Snyder විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය DCEU සිනමා විශ්වයේ 2වන චිත්‍රපටය වන අතර Batman සහ Superman යන චරිත ද්විත්වයම එකවර සජීවි-ක්‍රියාදාම චිත්‍රපටයකට රැගෙන ආ පළමු අවස්ථාව මෙන්ම Wonder Woman සජීවි-ක්‍රියාදාම චිත්‍රපටයක දැකගැනීමට හැකි වූ පළමු අවස්තාවද වේ.

ඇ.ඩො මිලියන 325ක පිරිවැයකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 874ක් ලබාගැනීමට සමත් විය.

Batman v Superman: Dawn of Justice චිත්‍රපටය 2017 පැවති ලොව අසාර්ථකම නිර්මාණ සඳහා සම්මාන ලබාදෙන 37වැනි Golden Raspberry Awards සම්මාන උළලේදී අසාර්ථකම තිර රචනය, අසාර්ථකම චිත්‍රපටය ඇතුලු සම්මාන 8 ට නිර්දේශ වෙමින් එයින් 4ක් දිනාගැනීමටද සමත් වීමද විශේෂත්වයක්.