ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව විසින් එරට අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කොට තිබෙනවා. සියල්ලගේම එකඟත්වයෙන් එම පනත ස්ථීර වී ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක වීම සඳහා තවත් අවම වශයෙන් මාස 12 ක පමණ කාලයක් ගත විය හැකි බවට වාර්තා වනවා, ඕස්ට්‍රේලියානු සන්නිවේදන ඇමති Michelle Rowland විසින් පවසා ඇත්තේ මෙමගින් Snapchat, TikTok, Facebook, Instagram සහ 𝕏 යන සමාජ මාධ්‍ය ජාලා තහනම් කෙරෙනු ඇති බවයි.
කෙසේ නමුත් ගිණුමක් නිර්මාණය නොකර භාවිතා කළ හැකි YouTube වැනි වෙබ් අඩවි ඊට අඩංගු නොවන අතර බොහෝ වීඩියෝ ක්‍රීඩා සජීවී විකාශය කළ හැකි වෙබ් අඩවි (gaming streaming platforms) සහ කෙටි පණිවුඩ සේවා (messaging platforms) වැනි සමාජ මාධ්‍ය ජාල තහනමට ලක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා YouTube වැනි වෙබ් අඩවි තහනමට ලක් නොවනු ඇත.