Superman චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

· 1 min read
Superman චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

2025 වසරේ තිරගත වීමට නියමිත ජනප්‍රිය අධ්‍යක්ෂ James Gunn විසින් අධ්‍යක්ෂණය කරන Superman චිත්‍රපටයේ පළමු ටීසර් පූර්ව ප්‍රචාරක පටය (Teaser Trailer) නිකුත් කර තිබෙනවා. ලොව පුරා වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් හිමි Superman චරිතය නැවතත් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන මෙම චිත්‍රපටය සඳහා ලොව පුරා DC රසිකයින් රැසක් බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. පූර්ව ප්‍රචාරක පටය තුළ Superman/Clark Kent, Lois Lane, Lex Luthor, Mister Terrific, Hawkgirl, Guy Gardner (Green Lantern), Metamorpho සහ Krypto යන චරිත ඇතුළත් වන අතර එම චරිත සඳහා David Corenswet, Rachel Brosnahan, Nicholas Hoult, Edi Gathegi, Isabela Merced, Nathan Fillions සහ Anthony Carrigan යන නළු නිළියන් රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. පූර්ව ප්‍රචාරක පටය පහතින්:

Warner Bros. Pictures ආයතනයේ හිටපු චිත්‍රපට අධ්‍යක්ෂක Zack Snyder ගේ ඉවත් වීමත් සමග ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසකින් සමන්විත වූ DC Extended Universe (DCEU) අවසන් වූ අතර පසුව හිටපු Marvel චිත්‍රපට අධ්‍යක්ෂක James Gunn DC 2022 වසරේ දී නව DC Studios හි සම-ප්‍රධාන විධායක නිළධාරී/සම-සභාපති තනතුරට පත් වීමත් සමග DC Universe (DCU) නමින් නව DC සිනමා විශ්වයක් ආරම්භ කරන ලදී.

පසුව ඔහු විසින් ඊට සමගාමීව නිකුත් වීමට නියමිත පළමුවන චිත්‍රපටය වන Superman චරිතය රඟදැක්වීම සඳහා Henry Cavill වෙනුවට David Corenswet බඳවා ගන්නා ලදී. මෙම චිත්‍රපටය මගින් DC චිත්‍ර කතා පොත් වල සඳහන් Superman චරිතය සිහිගැන්වෙන අයුරින් නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය සඳහා පෙර නිකුත් වූ Superman චිත්‍රපට රැසක ආභාෂය ලැබූ බවත් ඔහු විසින් පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ගෙවී ගිය වසර තුළ රසිකයන් අතර විශාල වශයෙන් අදහස් හුවමාරු වූ අතර කෙසේ වෙතත් බහුතරයක් රසිකයන් නොඉවසිලිමත්ව බලාපොරොත්තුවෙන් සිටින සිටින මෙම චිත්‍රපටය එළඹෙන වසරේ ජුලි මස 11 වන දා ලොවපුරා තිරගත වීමට නියමිතයි.