Christopher Nolanගේ නවතම චිත්‍රපටය "The Odyssey" යනුවෙන් නම් කරයි

· 1 min read
Christopher Nolanගේ නවතම චිත්‍රපටය "The Odyssey" යනුවෙන් නම් කරයි

ප්‍රසිද්ධ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Christopher Nolan විසින් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය සඳහා ග්‍රීක මහා කවියෙකු වන Homer විසින් රචිත 'ද ඔඩිසි' (The Odyssey) නම් ග්‍රීක කාව්‍ය සංග්‍රහය පදනම් කරගන්නා බවට පසුගිය සඳුදා දින Universal Studios සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම කාව්‍ය සංග්‍රහය ග්‍රීක සාහිත්‍යයේ එන විශිෂ්ටතම කාව්‍යයන් ගෙන් එකක් වන අතර ට්‍රෝජන් යුද්ධයෙන් පසුව ට්‍රෝයි නගරයේ සිට අප්‍රිකාව සහ දකුණු යුරෝපය හරහා නැවත ඉතාකා (Ithaca) නගරය බලා ගමන් කරන ඔඩිසියස් (Odysseus) නම් ග්‍රීක රජුගේ එම ගමන සහ ඔහුට මුහුණ දීමට සිදු වූ විවිධ අභියෝග පිළිබඳව එම කෘතියේ සඳහන් වී තිබෙනවා. හෝමර්ගේ කෘතියක් IMAX තිරයක් මගින් එළි දැක්වීම සිදු වන ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

මෙම චිත්‍රපටය Universal Studios සතුව ඇති නවතම IMAX තාක්ෂණය භාවිතා කරමින් ලොව පුරා රටවල් රැසක දී රූගත කිරීමට බලාපොරොත්තු වන බවත් 2026 වසරේ ජුලි 17 වන දින මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමට බලාපොරොත්තු වන බවටත් Universal Studios සමාගම ප්‍රකාශ කළා.

ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට නියමිත වන අතර දැනට නිවේදනය කර ඇති පරිදි Matt Damon, Tom Holland, Zendaya, Robert Pattinson, Lupita Nyong’o, Anne Hathaway සහ Charlize Theron යන නළු නිළියන් රංගනයෙන් දායක වීමට නියමිතයි.