2026 වසරේ ජූලි මස තිරගත වීමට නියමිත Spider-Man 4 චිත්‍රපටය තුළ Black Cat/Felicia Hardy ලෙසින් Anya Taylor-Joy සම්බන්ධ වන බවට සඳහන් කටකතා MCU Spider-Man චිත්‍රපට මාලාවේ නිෂ්පාදක Amy Pascal විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම කටකතාව සම්බන්ධයෙන් ඇය විසින් දැක්වූ අදහස් පහතින්:
She would be fantastic. She’s amazing, [but] we’re not quite at that stage yet. There’s a lot of fantastic female characters but I can't talk about all this
මේ දිනවල SM4 චිත්‍රපටය පිළිබඳව නොයෙක් කටකතා පැතිර යන අතර චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා Zendaya ගේ Michelle Jones වෙනුවට Gwen Stacy චරිතය ඇතුළත් කෙරෙනු ඇති බවටත් කටකතාවක් පැතිර ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය තුළින් Venom, Knull සහ සියලුම Symbiotes, Daredevil, Punisher සහ Mephisto යන චරිත දැකගත හැකි බවටත් කටකතා පැතිර යමින් පවතිනවා. Cosmic Circle වෙබ් අඩවියේ ලේඛකයෙකු වන Alex Perez පවසන්නේ Marvel සහ Sony සමාගම් දෙකටම අවශ්‍ය වන්නේ මෙය Deadpool & Wolverine වැනි team-up චිත්‍රපටයක් වීමට බවත් බොහෝ දුරට Tom Holland, Toby Maguire, Andrew Garfield ගේ Spider-Man චරිත සමග Venom වැනි චරිත එකතු වී Knull ට එරෙහිව දියත් කරන සටනක් පිළිබඳව එහි පිටපත නිර්මාණය විය හැකි බවයි.