Edgar Wright අධ්‍යක්ෂණය කළ 2017 වසරේ නිකුත් වූ Baby Driver චිත්‍රපටයේ ළමා නළුවෙකු ලෙස රංගනයෙන් දායකත්වය දැක්වූ Hudson Meek පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Meek විසින් පසුගිය 19 වන දා Alabama ප්‍රාන්තයේ Birmingham ප්‍රදේශයේ දී තමන් ගමන් ගනිමින් තිබූ මෝටර් රථයෙන් බිමට ඇද වැටී ඇති අතර බරපතල තුවාල හේතුවෙන් ඊට දින දෙකකට පසුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව තවමත් එරට බලධාරීන් විසින් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර මිය යන විට ඔහු අවුරුදු 16ක පාසල් ශිෂ්‍යයෙක් බවටත් වාර්තා වනවා.
ඔහු විසින් The Santa Con (2014), MacGyver (2016) සහ Baby Driver (2017) වැනි කතාමාලා සහ චිත්‍රපට කිහිපයක් සඳහා දායකත්වය දක්වා ඇති අතර ඔහු විසින් Baby Driver චිත්‍රපටයේ දී Ansel Elgort ගේ Baby නම් චරිතයේ ළමා කාලයේ දර්ශන සඳහා දායකත්වය දැක්විය.
ඔහු පිළිබඳව ඔහුගේ මව විසින් Facebook හි පළකරන ලද සටහන පහතින්: