යුගයක අවසානය CR7

ක්‍රිස්ටියානෝ නැවත වරක් අපට ලෝක කුසලාන තරඟාවලියක අංක 7 ජර්සියෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. අංක 7 කියන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නාමයට බද්ධ වූ අංකයක්.
2006 වසරේදී 21 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙක් ලෙසින් ජර්මනියේ පැවති ලෝක කුසලානයට සහභාගී වූ ක්‍රිස්ටියානෝ ඇන්ගෝලාවට එරෙහිව පළමු ලෝක කුසලාන තරඟයට සහභාගී වුණා.ඉන් අනතුරුව ඉරානය සමඟ පැවති තරඟයේදී Penalty ගෝලයක් සාර්ථක ලෙස වාර්තා කරන ක්‍රිස්ටියානෝ සිය පළමු ලෝක කුසලාන ගෝලය ලබාගන්නේ බලාපොරොත්තු දහසක් සිතේ පැළ කරගනිමින්.
වසර 4 කට පසුව 2010 ලෝක කුසලානය සඳහා ඔහු සහභාගී වන්නේ කණ්ඩායමේ ප්‍රධාන ගෝල් රැස් කරන්නෙකු ලෙසින්.ක්‍රිස්ටියානෝගේ ලෝක කුසලාන දිවියේ සාර්ථකම ගෝල රැස් කිරීම සටහන් වන්නේ 2018 ලෝක කුසලානයෙදී ස්පාඤ්ඤයට එරෙහිව ලබාගත් ගෝල ත්‍රිත්වය කියලා කියන්න පුළුවන්.
කෙසේ වෙතත් 2022 ලෝක කුසලානය ඔහුට සාර්ථක එකක් වන්නේ නැහැ.මොරොක්කෝවට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරඟ පරාජය සමඟ තරඟාවලියෙන් ඉවත් වන පෘතුගාල කණ්ඩායම 2026 ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වන්නේ අති දක්ෂ ක්‍රීඩකයින් රැසක් පිරිවරාගෙන. කෙසේ නමුත් බලාපොරොත්තු වූ තරමට මෙවර ද ක්‍රිස්ටියානෝ ප්‍රමුඛ පෘතුගාලයට දක්ෂතා දක්වන්න ලැබෙන්නේ නැහැ. ඔහු ලෝක කුසලාන දිවියේ සිය අවසාන ගෝලය ක්‍රොඑෂියා කණ්ඩායමට එරෙහිව පෙනල්ටි ගෝලයක් ලෙසින් වාර්තා කරන්නේ ලෝක කුසලානයක ගෝලයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙමින්. ඒ ඉරානයට එරෙහිව ඔහුගේ පළමු ගෝලය සිහිගන්වමින්.
ක්‍රිස්ටියානෝ සටහන් වන්නේ ලෝක කුසලාන තරඟාවලි 6 ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙක් ලෙසින්. ඒ වගේම ලෝක කුසලාන 6 ක අවම වශයෙන් එක ගෝලයක් හෝ රැස් කළ එකම ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාස ගත වෙනවා. ක්‍රිස්ටියානෝ පාපන්දු ඉතිහාසයේ බිහි වු විශිෂ්ඨතම ගෝල රැස් කරන්නේක්. ඔහු ක්ලබ් පාපන්දුවේ achievements රාශියක් ලබාගත් විශිෂ්ටයෙක්.
ජාත්‍යන්තර පාපන්දු දිවියේ වැඩිම තරඟ ගණනක් (233) ක් ක්‍රීඩා කොට පෘතුගාලය වෙනුවෙන් වැඩිම (146) ගෝල ලාභියා වෙන්නෙත් ඔහු. පෘතුගාලය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තා කරන්නෙත් ඔහු. නමුත් ඔහුගේ ක්‍රීඩා දිවිය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව තුළ ක්ලබ් පාපන්දු දිවිය තරම්ම සාර්ථක එකක් වුණේ නැහැ. ජාත්‍යන්තර තරඟාවලි 18 කදී එකදු අවස්ථාවකවත් තරඟාවලියේ වීරයා වීමට ඔහුට නොහැකි වුණා. Luis Figo, Rui Costa සමඟ ක්‍රීඩා කරන 2006 ලෝක කුසලානයේ දි 4 වන ස්ථානය ජයග්‍රහණය කිරීම පමණයි ඔහුගේ ලෝක කුසලාන දිවියේ ඉහළම Achievement එක. ඒ වගේම ඔහු ලෝකයේ බිහි වු විශිෂ්ඨ ගෝල රැස් කරන්නෙකු වුවත් කිසිම අවස්ථාවක ලෝක කුසලානයක Golden Boot හෝ Silver Boot සම්මානයක් ජයගන්න ලැබුණේ නැහැ. ඔහු ලෝක කුසලාන වලදී සාර්ථක ක්‍රීඩකයෙක් නොවේ.
කෙසේ වෙතත් 2016 වසරේ පෘතුගාලය සමඟ EURO කුසලානය ජයග්‍රහණය කරන ඔහු 2019 සහ 2025 වසරේදී Nations League තරඟාවලි දෙක ද ජයග්‍රහණය කරවමින් තම මව්බිම සරසවන්න සමත් වුණා. අද ස්පාඤ්ඤයට එරෙහිව 27 වන ලෝක කුසලාන තරඟයත් ක්‍රීඩා කළ ක්‍රිස්ටියානෝ සිය 20 වසරක ලෝක කුසලාන දිවියට සමු දුන්නේ ඉතා හැඟුම්බර ලෙසින්. අපට ඔහුව නැවත වරක් ලෝක කුසලානයක දකින්න ලැබෙන්නේ නැහැ. තරඟාවලිය අතරමැද ඔහුගේ පවුලේ අය මෙවර ලෝක කුසලානයයෙන් පසු ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය නිමවන බව පැවසුවත් ඒ පිළිබද නිල නිවේදනයක් තවම නිකුත් කරලා නම් නැහැ. කොහොම වෙතත් ක්‍රිස්ටියානෝගේ ලෝක කුසලාන දිවිය අසාර්ථක එකක් වුණත් ඔහු ක්‍රීඩකයෙක් විදියට අසාර්ථක ක්‍රීඩකයෙක් නොවෙයි. ක්‍රිස්ටියානෝ කියන්නේ යුගයක රසිකයන් අමන්දානන්දයට පත් කළ ක්‍රීඩකයෙක්. ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය තුළ ලෝක කුසලානයක් නොමැති වුවද ඔහු තැබූ අමරණීය සටහන නොමැකෙන එකක්.
පෘතුගාලය කී විට ක්‍රිස්ටියානෝගේ නාමය මතක් වන්නේම ඔහු තැබූ මතක සටහන් නිසයි. ජාත්‍යන්තර පාපන්දු දිවියේ වැඩිම ගෝල ලාභියා වීම ද වයස අවුරුදු 41 දීත් ගත බැහැ කියද්දීත් හිතේ හයියට හෝ ක්‍රීඩා කිරීමට සිත් යොමු කිරීමම සියල්ලන් හට කළ හැක්කක් නොවෙයි. තවත් නොබෝ දිනකින් ඔහු නූතන පාපන්දු ඉතිහාසයේ ගෝල 1000 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා වීමට නියමිතයි. ඔහුගේ අධිෂ්ඨානශීලී උත්සාහයට සුබ පැතුම්!
233 Games (Most)
146 Goals (Most)
37 Assists
183 G+A
2016 EURO Cup
2x Nations League Trophy
14x EURO Goals (Most)
11x World Cup Goals (Most for Portugal)
27x World Cup Games (2nd Most)
37x WCQ Goals (Most)
6x World Cup Participant
Only player to score in 6 different WCs
Oldest player to score in a WC
Admin: Pasindu Herath
Discussion
No comments yet — start the conversation.