1966 වෙම්බ්ලි සිට 2026 දක්වා දශක 6 ක එංගලන්ත - ආජන්ටිනා අරගලයේ තවත් එක් උච්චතම තරඟයක්

1966 වෙම්බ්ලි සිට 2026 දක්වා දශක 6 ක එංගලන්ත - ආජන්ටිනා අරගලයේ තවත් එක් උච්චතම තරඟයක්

ඒ 1966 වසරේ ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයයි. පාපන්දු ලොවට හඳුන්වා දුන් එංගලන්තය සහ දකුණු ඇමරිකානු පාපන්දු බල ඇණියේ ප්‍රමුඛ කණ්ඩායමක් වන ආජන්ටිනා කණ්ඩායම අතර එංගලන්තයේ වෙම්බ්ලිහි පැවති තරඟයයි.

1962 එංගලන්තයට පරාජය වූ ආජන්ටිනාව 1966 පැමිණ සිටියේ ඔවුන්ට එරෙහිව ජය ගැනීමටයි.

තරඟය ආරම්භයේ සිටම ඉතා රළු ස්වභාවයක් ගත් අතර තල්ලු කරමින්, පහර දෙමින් තරඟය පැවත්විණි. තරඟයේ 37' වන මිනිත්තුවේදි ආජන්ටිනා කණ්ඩායමේ නායක අන්තෝනියෝ රැටින්ව පිටියෙන් ඉවත් කළ යුතු බව විනිසුරුවරයා තීරණය කරන ලදී.ඊට හේතුව වූයේ විනිසුරුවයාගේ තීරණ වලට ඔහු අභියෝග කරමින් තරඟ කිරීමයි. රැටින් ස්පාඥ්ඥ බස කතා කළ නිසා ඔහුට විනිසුරුව තේරුම් ගැනීමට නොහැකි වූ අතර විනිසුරු ස්පාඥ්ඥ බස නොදත් නිසා ඔහුට රැටින්ව තී ගත නොහැකි විය.විනිසුරුවරයා තීරණය කර තිබුණේ රැටින් තමා වෙතට බැන වදිමින් අපහාස කරන බවයි.

කෙසේ වෙතත් භාෂා ගැටලුව නිසා තමාව පිටියෙන් ඉවත් කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට රැටින්ට හැකියාවක් තිබුණේ නැහැ.මිනිත්තු 8 කට පසුවේ රැටින්ව පිටියෙන් ඉවත් කිරීම සඳහා තරඟ සංවිධායකවරුන්ට පවා පිටියට පැමිණෙනන්ට වුණා.විනිසුරුගේ තීරණයක් වික්ෂිප්ත වූ රැටින් මිනිත්තු 8 කට පසුව පිටියෙන් ඉවත් වී දෙවන එළිසබෙත් මහා රැජිණ සිටින අසුනට යාම සඳහා දමා ඇති රතු පළස මත හිඳ ගැනීම නිසා එංගලන්ත ජාතිකයන් අතර තවත් නොසන්සුන්තවායක් ඇති වුණා.එකළ අද මෙන් කහ, රතු කාඩ් පත් නොතිබූ අතර මේ සිදුවීම නිසාම 1970 ලෝක කුසලානයේ සිට කාඩ් පත් භාවිතාව ආරම්භ විය.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් 10 දෙනුකුගෙන් ක්‍රීඩා කළ ආජන්ටිනා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමේ තවත් රළු ක්‍රිඩා විලාසයත් සමඟ 1-0 ක් ලෙස පරාජයට පත් වන්නට සිදු වුණා.කණ්ඩායම් දෙකම රළු ලෙස ක්‍රීඩා කළ අතර එංගලන්ත ජාතිකයන් විසින් ආජන්ටිනා කණ්ඩායම හැඳින්වූයේ අපහාසාත්මකව "සතුන්" ලෙසයි.තරඟය ජය ගැනීමෙන් අනතුරුව එන්ගලන්තය 1966 ලෝක කුසලානය ජය ගැනීම දක්වා එම වසරේදී ගමන් කරාඉන් වසර 11 කට පසුව 1977 වසරේදී එංගලන්තය සහ ආජන්ටිනාව අතර friendly තරඟයක් ආජන්ටිනාවේදි පැවැත්විය.එය friendly තරඟයක් වුවත් ක්‍රීඩකයන් පහර දී ගත් රළු තරඟයක් විය. තරඟය අවසන් වූයේ එංගලන්තයේ ට්‍රෙවර් චෙරි සහ ආජන්ටිනාවේ බර්තොනි පිටියෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.එදා එංගලන්ත ක්‍රීඩක ට්‍රෙවර් චෙරි හට පහර කා ගැනීම නිසා ඉදිරිපස දත් දෙපළක් ද අහිමිව ගියේය.

බ්‍රිතාන්‍යයන් විසින් සියවස් කිහිපයකට පෙරාතුව ලෝකයේ සෑම පෙදෙසක්ම පාහේ යටත් විජිතකරණය කරමින් පැවතුණ බව සියල්ලන් දන්නා කරුණක්.එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආජන්ටිනාවට නැගෙනහිර දෙසින් පිහිටි ෆෝක්ලන්ඩී දූපත් සමූහය 1833 වසරේ සිට බ්‍රිතාන්‍ය විසින් පාලනය කරනන්ට වුණා.කෙසේ වෙතත් කාලාන්තරයක් තිස්සේ ආජන්ටිනාව විසින් මෙම දූපත් තමන්ට අයිති බව පැවසුවද එංගලන්තය විසින් ඒ පිළිබද තැකීමක් නොකර සිටියා. අධිරාජ්‍යක් විසින් එසේ තැකීම් කරන්නේ නැහැ.ඒ ඇරත් ආජන්ටිනාව වැනි ලතින් ඇමරිකානු රටවල් සමාජවාදී හා කොමියුනිට්ස්වාදි අදහස්වල එල්බගෙන සිටි අතර බටහිර ලෝකය එය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමින් සීතල යුද්ධයක් ඇදී ගිය සමයක්.Diplomatic සාකච්ඡා පැවතියද එංගලන්තය ෆෝක්ලන්ත දූපත් අත් හැරීමට සූදානම් වුණේ නැහැ.

මෙහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ 1982 වසරේදී ආජන්ටිනාව විසින් ෆෝක්ලන්ත දූපත් සිය නාවික හමුදා බල ඇණි යොදා ආක්‍රමණය කිරීමයි.තත්ත්වය දැනගත් ඒවක අග්‍රාමාත්‍ය, "යකඩ ගැහැණිය" නමින් ප්‍රසිද්ධ මාග්‍රට් තැචර් විසින් ආජන්ටිනාව සමඟ සාකච්ඡාවලට හෝ නොගොස් බ්‍රිතාන්‍යයට අයත් ස්වාධීන රාජ්‍යයක් වූ ෆෝක්ලන්ඩ් දූපත් ආජන්ටිනාව විසින් ආක්‍රමණය කළ බව පවසා එංගලන්ත රාජකීය නාවික හමුදා බල ඇණියක් හා ගුවන් බල ඇණියක් ෆෝක්ලන්ත දූපත් වලට ඒවන ලදී. ඒ අතරට න්‍යෂ්ටික බලයෙන් පණ ගැන්වූ HMS Conqueror සබ්මැරීනය ද විය.දින 74 ක සටනකින් පසුව ආජන්ටිනාව පරාජයට පත් විය. දෙපාර්ශවය 900+ කට අධික සංඛ්‍යාවක් මිය යන ලදී.

එතැන් පටන් තවමත් අද දක්වාම ෆෝක්ලන්ත දූපත් එංගලන්තයට අයිති වන අතර ආජන්ටිනා ජාතිකයන් පවසන්නේ බ්‍රිතාන්‍යයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් ආජන්ටිනා සීමාවේ ඇති දූපත් තමන්ට අයිති බවයි.මේ නිසාම යුද්ධයේදී තම සහෘදයන් විනාශ කළ බවට ආජන්ටිනා ජාතිකයන්ගේ සිත්තුළ ගිනි පුළිඟුවක් සේ තැන්පත්ව තිබුණා.1966 ලෝක කුසලානයේ සිදුවීමෙන් වසර 20 කට පසුව 1986 ලෝක කුසලානයෙදී තවත් අර්ධ අවසන් පූර්ව තරඟයක් උදා වුණා.මෙවරත් කණ්ඩායම් දෙක වූයේ එංගලන්තය සහ ආජන්ටිනාවමයි.1982 යුද්ධය හා සම්බන්ධ සිද්ධි මාලාව නිසා රටවල් දෙකෙහි රසිකයන් අතර ද උණුසුම් වාතාවරණයක් ගොඩ නැගී තිබුණ.පිටියෙන් පිටත වගේම පිටියේ බහින් බස් වීම්, ගුටි බැට ඇන ගැනීම් අඩුවක් වුණේ නැහැ.පාපන්දු තරඟයකට වඩා එය දේශපාලන අදහස් ප්‍රකාශනයක් බවට පත්ව තිබුණි.

නමුත් එදා වසර 20 කට පෙර එංගලන්තය තරඟය ජයගත්තාට මෙවර ආජන්ටිනාවට මරදෝනා නම් තරුණයෙක් සිටියේය.ඔහුව මෙල්ල කිරීමට සුදු අධිරාජ්‍යටවත් බැරි බව 1986 ලෝක කුසලාන ආරම්භයේ සිටම බොහෝ දෙනාට තේරුම් ගොස් තිබිණි.19886 අර්ධ අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදි.තරඟයට පෙර සිටම මරදෝනා විසින් එංගලන්තය වසර 4 කට පෙර යුද්ධයේදී ආජන්ටිනා ජාතිකයන් මරා දැමුණු හැටි මතක් කර තිබුණි.එය ඔවුන්ට හුදෙක් තරඟයක් පමණක් නොවීය. එය තමාගේ අදහස ලෝකයට ප්‍රකාශ කරන සංකේතාත්මක සිද්ධියක් විය.

තරඟය ආරම්භ විය.පළමු අර්ධය කිසිදු ගෝලයක් නොමැතිව අවසන් විය.දෙවන අර්ධයට මිනිත්තු 6 ක් ගත වූවා පමනයි මරදෝනා විසින් ගෝල රකින්නට ඉහළින් සිය හිසෙන් ගෝලයක් වාර්තා කරන ලදී.විනිසුරුවන්ට හා linesman ට එය හිසෙන් පහර දුන් ගෝලයක් විය. ක්‍රීඩාංගණයේ ගෝලය නොපෙනන පෙදෙසේ ජනතාවටත් එය හිසෙන් පහර දුන් ගෝලයක් විය.නමුත් එංගලන්ත ගෝල රකින්නා දුටුවේ මරදෝන සිය වම් හස්තය භාවිතා කොට පන්දුව ගෝලය තුළට තල්ලු කරන ආකාරයයි.නමුත් විනිසුරුවන් එය දැක තිබුණේ නැහැ.එදා අද මෙන් VAR තාක්ෂණය ද තිබුණේ නැහැ.අදත් VAR තාක්ෂණය තිබුණා වුවද අතිශය විවාදාත්මක තීරණ අනන්තවත් දෙනවා.මරදෝනා එය ගෝලයක්සේ සමරන්නට විය. ඔහුගේ කණ්ඩයම් සගයන්වද ඒ සඳහා එකතු කරගත් ඔහු එය ගෝලයක් ලෙසම සමරන්නට විය.විනිසුරුවන් විසින් එය ගෝලයක් බවට සංඥා කරන ලදී.

එංගලන්ත ක්‍රීඩකයන් තරහවෙන් පුපුරන්නට විය.තවත් මිනිත්තු 4 කින් මරදෝනා විසින් එතෙක් එතෙක් ලෝක ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කළ 20 වන සියවසේ විශිෂ්ටම ගෝලය වාර්තා කරන ලදී.එංගලන්ත defenders ල බලා සිටිද්දී ඔවුන් පසු කරමින් ඔවූන් පිටිය තුළ සිටිනවා සේ නොසලකා එම ගෝලය 25 හැවිරිදි මරදොනා විසින් වාර්තා කරන්නට විය.එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ගෝලයකි.මිනිත්තු 4 කට පෙර වම් හස්තය යොදා ලබාගත් ගෝලය නිසා ක්‍රෝධයෙන් පිපිරෙමෙන් සිටි එංගලන්ත ක්‍රීඩකයන් පවා දෙවැනි ගෝලයට මුවින් ප්‍රශංසා නොකර හදවතින් අගය කරන්නට විය.තරඟයෙන් අනතුරුව පළමු ගෝලය මරදෝන එය දෙවියන් විසින් ලබා දුන් සිරුරේ හස්තහයෙන් වාර්තා කළ නිසා Hand Of God නමින් හැඳින්විය.

දෙවන ගෝලය ඉතිහාසයේ විශිෂ්ටම ගෝලය නිසා සියවසේ ගෝලය ලෙස හැඳින්වීය.බොහෝ දෙනා Hand Of God ගැන කතා කරාට දෙවෙනි ගෝලය කතා කරන්නේ නැත.එය හිතාමතාම අමතක කරන්න පෙළඹේ.තරඟයේ අවසන් මොහොතේ ගැරි ලිනෙකර් ගෝලයක් ලබා ගත්ත ද ආජන්ටිනාව ඒ වන විටත් 1986 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ජයගෙන අවසන්ය.1966 දි එංගලන්තය විසින් ආජන්ටිනාව පරාජය කොට ලෝක කුසලාන ජය ගැනීම දක්වා ගමන් කළා සේම, 1986 දි ආජන්ටිනාව විසින් එංගලන්තය පරාජය කොට ලෝක කුසලානය ජය ගැනීම දක්වා ගමන් කරන ලදී.(මරදෝනාගේ ගෝල ද්විත්වයේ වීඩියෝව සහ සිදුවීම කොමෙන්ට් වල දමා ඇත)ඉන් වසර 12 කට පසුව නැවත වරක් 1998 ලෝක කුසලානයේ R16 වටයේදී කණ්ඩායම් 2 ක මුණ ගැසිනි. පෙර පරිදිම ආවේගයේ සහ උද්වේගය අඩුවක් නොවිණි.තරඟයේ 6' සහ 10' වැනි මිනිත්තු වලදී කණ්ඩායම් දෙකේ බටිස්තුටා සහ ඇලන් ශියරර් විසින් penalty ගෝල වාර්තා කොට සම තත්වයේ පැවතිණි.16 වැනි මිනිත්ත්වේදි 18 හැවිරිදි මයිකල් ඕවන්ගේ ගෝලයත් සමඟ එංගලන්තය පෙරමුණ ගත්හ.පළමු අර්ධය නිමා වීමට අවසන් මොහොතේ ජ(හ්)වියර් සෙනටි විසින් ගෝලයක් වාර්තා කිරීම සමඟ 2-2 ක් ලෙස සම විය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 2 ක් ගත වීමටත් පෙරම දශක ගානක එදිරිවාදීකම නැවතත් ආරම්හ විය.ඩේවිඩ් බෙකම් විසින් වර්තමාන ඇත්ලෙටිකෝ මද්‍රිඩ් කණ්ඩායමේ පුහුණුකරු වන, එවක ක්‍රීඩකයෙකු වූ දියෙගෝ සිමියෝනීගේ වලලුකර පෑගීම නිසා එයට රතු කාඩ්පතක් ඉල්ලා සිටියා.ඩේවිඩ් බෙකම්හට දෙවන අර්ධය ආරම්භයට පෙරම ක්‍රීඩාගාරයට යෑමට සිදු විය.කෙසේ වෙතත් ක්‍රීඩකයා 10 දෙනෙකුගෙන් එංගලන්ත කණ්ඩායම ක්‍රිඩා කළ අතර අවසන් මොහොතේ ගෝලයක් වාර්තා කළද, build up එකේදි foul එකක් සිදුවීම නිසා එම ගෝලය අවලංගු කරන ලදී. එංගලන්ත රසිකයන් මෙය තමන්ට එරෙහිව සිදු කළ දෙයක් සේ දුටුවහ.අවසානයේ තරඟය penalty shootout වටයකින් 4-3 ක් ලෙස ආජන්ටිනාව ජයගන්නා ලදී.

පරාජයට බෙකම්ගේ රතු කාඩ් පත ප්‍රබල බලපෑමක් වූ නිසා එංගලන්තයේ වැඩිම වෛරයට පාත්‍ර වූ ක්‍රීඩකයා බවට එකළ ඩේවිඩ් බෙකම් පත් විය.ඉන් අනතුරුව නැවත වරක් 2002 ලෝක කුසලානයේ ඛාණ්ඩ වටයේදී කණ්ඩායම් දෙක මුණ ගැසුන අතර එහි වාර්තා වූ එකම ජයග්‍රාහී ගෝලය බෙකම් විසින් පෙනල්ටි ගෝලයක් ලෙස වාර්තා කරන ලදී.වසර 24 කට පසුව නැවතත් ආජන්ටිනාව සහ එංගලන්තය ලෝක කුසලානයකදී හෙට අලුයම මුණ ගැසීමට නියමිතයි.මෙවර එංගලන්ත කණ්ඩායම සේම ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානය හොඳින් ක්‍රිඩා කළා කියනවාට වඩා ලෝක කුසලානය survive වුණා යැයි කීම වඩාත් උචිතයි කියා සිතෙනවා.එංගලන්තය හට ඝානා, කොංගෝ තරඟ පහසු වූයේ නැහැ. එකෙන්ම මෙක්සිකෝව සමඟ තරඟය ක්‍රීඩකයන් 10 දෙනෙකු දක්වා පහත වැටී තිබියදී අභියෝගාත්මක ලෙස තරඟය ජය ගැනීමට සමත් වුණා.අනෙක් පසින් ආජන්ටිනාව හට Knockout වටයේ තරඟ කිසිවක් පහසු වූයේ නැහැ.නමුත් මෙම කණ්ඩායම් දෙක අතර සත්‍යයක් තිබෙනවා. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දුර්වලම කණ්ඩායම ආජන්ටිනා කණ්ඩායමයි. එයට හේතුව ඔවුන් පෙර ලෝක කුසලානයේ සේ නිවැරදිව ක්‍රීඩා කළේ නැහැ. නිවැරදිව පන්දුව තමාගේ පාලනයට ගෙන ප්‍රතිවාදී පිළට අභියෝගයක් ගෙන ඒමට සමත් වූයේ නැහැ. මිනිත්තු 75-80 ක් පමණ තරඟය නින්දෙන් මෙන් ක්‍රීඩා කොට අවසන් මොහොතේ උපරිම උත්සාහය දරා ජය ගැන්මට සමත් වුණා.

බොහෝ අවස්ථාවල 39 හැවිරිදි මෙසි මත ආජන්ටිනාවහට යැපෙන්නට සිදු වුණා.අනෙක් පසින් එංගලන්තය එසේ නොවේ. ඔවුන් අතිශය තරඟකාරී ලෙස ක්‍රීඩා කළා. On paper එංගලන්තය ආජන්ටිනාවට වඩා ඉදිරියෙන් සිටින බව නොරහසක්.

ඒ කෙසේ වෙතත් හෙට අලුයම කණ්ඩායම් දෙක පිටියට පිවිසෙන්නේ හුදෙක් තරඟය ජයගැනීමට නොවෙයි.ඔවුන් පැමිනෙන්නේ තමන්ගේ අභිමානය වෙනුවෙන්.දශක 6 කට පෙරාතුව ආරම්භ වූ එදිරිවාදීකම්හි වාඩුව ගැනීමට.මෙය හුදු ලෝක කුසලාන තරඟයකට වඩා ඉතිහාසය සහ සිය රටේ අභිමානය පිළිබද ප්‍රශ්නයක්.මා දැක්කා ආජන්ටිනා පුහුණුකරු ස්කැලෝනි විසින් මෙය හුදෙක් පාපන්දු තරඟයක් බවත් ඊට වඩා දෙයක් නැති බව ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ ප්‍රකාශ කළ යුත්තේ එයයිමන්ද මේ වන විටත් ආජන්ටිනාව සහ එංගලන්තය රසිකයන් මෙය සිය සිරුර තුළට කිඳා බස්වාගෙන අවසන්. ආජන්ටිනා ජාතිකයන් විසින් බ්‍රිතාන්‍ය ධජ ගිනිලන වීඩියෝවකුත් මා දුටුවා.

1986 දි ආජන්ටිනාවේ අභිමානය රැකගන්න සුදු අධිරාජ්‍යයටවත් මෙල්ල කළ නොහැකි වූ 25 හැවිරිදි දියෙගෝ ආමන්ඩෝ රොමැන්ඩෝ මරදෝනා හිටියා.නමුත් එදායින් වසර 40 කට පසුව ආජන්ටිනාවට එවැන්නෙක් සිටි ද ? මරදොනාගේ සිහසුනට අනුප්‍රාප්තිකයා වූ ලියනොල් මෙසි සිය පාපන්දු දිවියේ පළමු වරට එංගලන්තයට මුහුණ දීමට නියමිතයි.නමුත් මෙසි එදා මෙන් නොව අවුරුදු 39 ක් වයසැති ක්‍රීඩකයෙක්. 25 හැවිරිදි වියේදී මරදොනා කළ දේ 39 වියේදී මෙසිගෙන් බලාපොරොත්තු වීම තරමක් ඕනෑවට වැඩි. ඇරත් ආජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ KO වටයේදී ක්‍රීඩා කළ ආකාරය අනුව 39 හැවිරිදි මෙසිට ආජන්ටිනාව තවත් ලෝක කුසලාන අවසන් මහා තරඟයක් කරා රැගෙන යාමට හැකි වෙයිද ?

අද අලුයම ප්‍රංශය සහ ස්පාඥ්ඥ අතර වූ අවසන් පූර්ව තරඟය පැවතුනා. එය ලෝකයේ බොහෝ දෙනෙක් පුන පුනා බලා සිටි තරඟයක්නමුත් මෙවර ලෝක කුසලානයේ අතිශය උද්වේගකර සහ අවේගශිලිම තරඟය වනුයේ එංගලන්තය සහ ආජන්ටිනාව අතර තරඟයයි. ඒ ක්‍රීඩාවට එහා ගොස් දශක ගණනක් සිට ඇද එන දේශපාලන කාරණා ද මුල් වී තිබෙන නිසයි.

2026 FIFA World Cup SF 2

Argentina Vs England

Mercedes Benz Stadium

Atlanta, USA

Admin: Pasindu Herath