දෛවය කියන්නේ හරි පුදුම දෙයක් නේද?

2007 වසරේදී 20 හැවිරිදි ලියොනල් මෙසී එක්තරා පුණ්‍යායතන ඡායාරූපකරණයක් සඳහා මාස 6ක කුඩා බිළිඳෙකුව වඩාගෙන සිටියා. එදා මෙසී අතේ හුරතල් වුණු ඒ බිළිඳා වෙන කවුරුවත් නෙවෙයි, අද ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ සිටින 19 හැවිරිදි සුපිරි තරුව Lamine Yamal.
2007 වසරේදී UNICEF අරමුදල සහ ස්පාඤ්ඤයේ ‘Diario Sport’ පුවත්පත එක්ව පුණ්‍යාධාර එකතු කිරීමේ අරමුණින් විශේෂ දින දර්ශනයක් (Charity Calendar) නිර්මාණය කළා. මේ සඳහා බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩකයන් කුඩා දරුවන් සමඟ ඡායාරූපවලට පෙනී සිටියා.
මේ සඳහා ප්‍රදේශයේ පවුල් අතර කුසපත් ඇදීමක් (Raffle draw) සිදු කළ අතර, ඉන් ජයග්‍රහණය කරමින් තමන්ගේ මාස 6ක් වයසැති දරුවාව මේ ඡායාරූපකරණයට සම්බන්ධ කරන්න යමාල්ගේ දෙමාපියන්ට දුර්ලභ අවස්ථාව හිමිවුණා. එදා ප්ලාස්ටික් බේසමක හිටපු කුඩා යමාල්ව නාවමින් මේ අපූරු ඡායාරූපයට පෙනී සිටියේ එදා 20 හැවිරිදි වියේ පසුවුණු ලියොනල් මෙසී යි මෙය කැමරාවට හසුකර ගත්තේ ජෝන් මොන්ෆෝර්ට් නම් ඡායාරූප ශිල්පියා විසිනුයි.
ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම අහඹු සිදුවීමක් සනිටුහන් කරමින්, හරියටම වසර 19කට පසුව ඔවුන් දෙදෙනා මෙවර 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි!
39 හැවිරිදි මෙසී මෙහෙයවන වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ 19 හැවිරිදි යමාල් නියෝජනය කරන ස්පාඤ්ඤය අතර මෙම ඓතිහාසික ගැටුම එළඹෙන ජූලි 20 වැනිදා අමෙරිකාවේ MetLife ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
Discussion
No comments yet — start the conversation.