යන්න ගියේ නේමාර් නෙමෙයි යන්න ගියේ Joga Bonito

යන්න ගියේ නේමාර් නෙමෙයි යන්න ගියේ Joga Bonito

නේමාර් තමයි බ්‍රසීලයේ Joga Bonito කලාවේ අවසන් පුරුක වුණේ. තවත් පිටිපස්සට ගියාම රොනල්ධිනො, අද්‍රියානෝ, රිවෙලිනො,ජයසිනිඥ්යෝ, වාවා, ගරිංචා, පේලේ වගේ බ්‍රසීලයේ ජිංගා කලාව පාපන්දු පිටියට ගෙනාපු ක්‍රීඩකයෝ රැසක් හිටියා. ලෝක පාපන්දු රසිකයෝ බ්‍රසීලයට ආසා වුණේ ඒ මන්මත් කරවන Joga Bonito කලාව නිසා.

බ්‍රසීලයෙන් අවසන් වතාවට Pure Joga Bonito ක්‍රීඩකයෙක් විදියට ආවේ නේමාර් විතරයි.ඉන්පසු බ්‍රසීල ක්‍රීඩකයෝ ගණනාවක් යුරෝපයේ ක්ලබ් වල ක්‍රීඩා කළත් ඔවුන්ට Joga Bonito කලාව පිහිටලා තිබුණේ නැහැ. තිබුණත් යුරෝපීය පාපන්දුවට අනුගත වීම එක්ක ඒක වෙනස් වුණා. නේමාර් කියන්නේ අපේ ජෙනරේශන් එකේ මෙසිට පස්සේ බිහි වුණු ස්කිල්ෆුල්ම ක්‍රීඩකයා. ඇතැම් තරඟ වල මෙසිටත් වඩා පර්ෆොම් කරපු තරඟ තිබුණා. ලංකාවේ කාලයක් නේමාර් කියන්නේ ගෑනු ළමයින්ගේ ක්‍රශ් එකක්. කොල්ලන්ගේ හෙයාර් ස්ටයල් වලට අදහස් මවපු ක්‍රීඩකයෙක්. පාපන්දු රසිකයන්ව ඔහු වගේ පන්දුවෙන් වැඩ දාන්න උත්සාහ කරවපු ක්‍රීඩකයෙක්. නේමාර් වගේ rainbow flick එකක් කරන්න උත්සාහ නොකරපු පාපන්දු රසිකයෙක් ඇති කියලා මං හිතන්නේ නැහැ.

මෙසි, ක්‍රිස්ටියානෝ සමඟ පරම්පරාවක් inspire කරපු ක්‍රීඩකයෙක්, නේමාර්. අවුරුදු 17,18 දි බ්‍රසීලයේ මාධ්‍ය ඔහුව හැඳින්වූයේ Next Pele කියලා. ඔහු ඒ තරම් talented. නමුත් නේමාර් බ්‍රසීල ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම යන්නේ පරාජිතයක් හැටියට. නේමාර්ගේ හොඳම කැම්පෙන් එක 2014 වර්ල්ඩ් කප් එක සහ 2013 Confederation Cup එක විතරයි. 2021 Copa America කැම්පෙන් එකත් එකතු කරන්න පුළුවන්.

බ්‍රසීල ජාතික කණ්ඩායම 2002 න් පස්සේ ලෝක කුසලානයක් ජයගන්නේ නැහැ. 1930 ලෝකයේ පළමු ලෝක කුසලානය තරඟාවලියේ සිට 1958 දක්වා අවුරුදු 28 කට පස්සේ බ්‍රසීලය පළමු ලෝක කුසලානය ජයගැනීම දක්වා වසර 28 ක කාලයෙන් පස්සේ 2002 සිය 2030 දක්වා බ්‍රසීලය ආයෙත් පියනගන්නේ ලෝක කුසලානයක් නොමැතිව සිටි එවැනිම දීර්ඝ කාලයත් දක්වා. 2002 න් පසුව Copa America 3 ක් සහ Confederation Cup 3 ක් බ්‍රසීලය ජයගත්තා වුවත් නේමාර්ට 2019 Copa America ශූරතාව ජයගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔහු ආබාධයට ලක් වුණා.

ලෝක කුසලානවලදී 2014 දි තරඟ 5 ක් ක්‍රීඩා කරලා නේමාර් දරුණු ආබාධයකට ලක් වෙනවා. 2018 දි ක්රීඩා කරනවා. 2022 දි තරඟ 3 යි ක්‍රීඩා කරන්නේ ආබාධ වෙනවා. මේ පාර 2026 දි ආබාධ වෙලා ඇවිල්ලා බෙන්ච් එකේ ඉඳල තරඟ 2 ක් ක්‍රීඩා කරන්නේ මිනිත්තු 37 ක් විතරයි. නේමාර් ඉතාම හොඳට අවසන් වතාවට ක්‍රීඩා කරපු තරඟාවලිය වෙන්නේ 2021 Copa America තරගාවලිය. එහිදී අවසන් මහා තරඟයේත් සෑහෙන හොඳට ක්‍රීඩා කළා වුවත් ආජන්ටිනාව අවසානයේ ජයගන්නවා.

මෙවර 2026 ලෝක කුසලානයට බ්‍රසීල කණ්ඩායම පිවිසෙන්නේ ලෝක කුසලානය ජයගන්න favorite කණ්ඩායමක් විදියට නෙමෙයි. එහෙම එකේ මගේ පුද්ගලික මතය කාලෝ ඇන්සලෝටිට තිබුණා නේමාර්ට තව ටිකක් වැඩියෙන් ප්ලේ ටයිම් එක දෙන්න. මොකද මේක තමයි ඔහුගේ අවසන් ලෝක කුසලානය. ඔහු එංජෝයි කරනවාට අමතරව තවමත් ඉම්පැක්ට් දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

නේමාර් කියන්නේ වයස අවුරුදු 17 දි බ්‍රසීලයේ santos වලට ක්‍රීඩා කරද්දී යුරෝපයේ Ballon do'r Top 10 ආපු ක්‍රීඩකයෙක්. මං බාසිලෝනා රසිකයෙක් විදියට පුද්ගලිකව විශ්වාස කරනවා නේමාර් බාසිලෝනා හැර ගියේ නැත්තම් අඩුම තරමේ තව අවුරුදු 4,5 ක් ක්‍රීඩා කළා නම් බ්‍රසීලය සමඟ කෙසේ වෙතත් ක්ලබ් පාපන්දු ජීවිතයේ සෑහෙන Achievment ගොඩක් ගන්න තිබුණා කියලා. බාසිලෝනා රසිකයෙක් වුණත් ඔහු බාසිලෝනා හැර යාම නිසා රසිකයෙක් හැටියට ඔහුට කැමති නැහැ. අකමැතිත් නැහැ. ඒ feeling එක Grey area එකක තියෙන්නේ. එක් අවස්ථාවක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා වන නොවැක් ජොකොවිච් නේමාර් හම්බුන වෙලාවක ඔහු ගැන විස්තර අහද්දි අහනවා චැම්පියන්ස් ලීග 2 ක් හෝ 3 ක් ජයගත්තා නේද කියලා. එතකොට නේමාර් පොඩි එකක් වගෙ ඔලුව වනල නෑ එකයි කියලා පේනවනවා. ජෝකොවිච් පුදුම වෙලා Only one කියලා ආයෙත් අහද්දි ඔලුව වනල එකයි කියනවා. ඒක දැක්කම සංවේදී වෙනවා. මොකද නේමාර් කියන්නේ ඊට වඩා ගොඩක් achievemnts වලට යන්න හැකියාවක් තිබුණු ක්‍රීඩකයෙක්.

දකුණු ඇමරිකාවේන් මෑත යුගයේ බිහි වු විශිෂ්ටයෝ වෙන මෙසි, සුආරස් දෙදෙනාම තම රට සමඟ කුසලානයක් දිනා ගන්න සමත් වුණා. නමුත් නේමාර්ට නොහැකි වුණා. ලැබෙන වාර්තා අනුව නේමාර් අද බ්‍රසීලය සමඟ අවසාන තරඟය ක්‍රීඩා කළා. ලෝක කුසලානයේ අවසාන ගෝලය විදියට ගෝලයක් රැස් කළා. මට දැනෙන විදියට අඩුම තරමේ තව අවුරුදු 2 ක් ඉඳලා Copa America එකකට ට්‍රයි කරලා retire වුණා නම් කියලා හිතෙනවා. ආයේ retirement එකෙන් ඇවිල්ලා ක්රීඩා කරන්න බැරි කමක් නැහැ. නේමාර්ගේ පාපන්දු දිවිය ආබාධ පිරුණු එකක්. ඒ වගේම විනය පැත්තෙන් ගොඩක් අඩු ලෙවල් එකක ක්‍රීඩා දිවියක්. ඊයේ වගේ දවසක 2014 ජූලි 5 දා බ්‍රසීලයේ පැවති ලෝක 2014 කුසලානයේදි කොලොම්බියාවට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරඟයේදි කොලොම්බියා ක්‍රීඩක යුවාන් කැමිලෝගේ දණහිස් පහරක් පිටුපසට වැදීම නිසා දරුණු ලෙස ආබාධ වුණා. ඒක තමයි ඔහුට සිදු වූ දරුණුම ආබාධය. 2 cm ක් විතර තව ඉහළට වෙන්න ඝට්ටනය වුණා නම් සදහටම පාපන්දු ක්‍රීඩා නොකරන්න ඉඩ තිබුණ.

ඒ වගේම පාපන්දු ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායම් විසින් 3 වැනියට වැඩිම Foul සංඛ්‍යාවක් සිදු කරලා තියෙන්නෙත් නේමාර් හට. ඒ තරඟ 15 කදී Fouls 61 ක් විදියට. 2014 දි තමයි 21 වන සියවසේ ක්‍රීඩකයෙක් ලබපු වැඩිම Foul සංඛ්‍යාව නේමාර්ට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ සිදු කරන්නේ. ඔහු සිය පළමු ජාත්‍යන්තර තරඟය බ්‍රසීලය සමඟ ක්‍රීඩා කරන්නේ 2010 ඇමරිකාවේ Metlife ක්‍රීඩාංගණයේ ඇමරිකාවට එරෙහිව. ඔහු එහිදී සිය පළමු ගෝලය රැස් කළා. ඒ වගේම ඔහු සිය අවසන් ජාත්‍යන්තර තරඟය බ්‍රසීලය සමඟ ක්‍රීඩා කරන්නෙත් ඇමරිකාවේ Metlife ක්‍රීඩාංගණයේ නෝර්වේ වලට එරෙහිව. ඔහු එහිදී සිය අවසන් ගෝලය රැස් කළා. එකම ක්‍රීඩාංගණයේ ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය නිමා වුණා. මෙසිට පසුව දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම ගෝල ලාභියා වගේම මෙසිට පසුව ජාත්‍යන්තර පාපන්දුවේ වැඩිම ගෝල සහායක වලින් දායක වුණු ක්‍රීඩකයා වෙන්නෙත් නේමාර්. ඔහු Pele ව අභිබවා බ්‍රසීලය වෙනුවෙන් ගෝල ලබා ගත්තා. ඔහු සමු ගන්නේ Pele ට පසුව පාපන්දු ලෝක කුසලාන 4 ක ගෝල රැස් කළ එකම බ්‍රසීල ක්‍රීඩකයා විදියට.

පාපන්දු රසිකයෝ විදියට අපිට ආයේ Joga Bonito කලාව පාපන්දු පිටියේ දකින්න ලැබෙන්නේ නැහැ. ආයේ කවමදාවත්ම නැහැ. නේමාර් තමයි අන්තිමයා. නේමාර් ජාතික කණ්ඩායම සමඟ පරජිතයක් වෙලා සමුගත්තත් ක්ලබ් පාපන්දු දිවියේ ඔහු achievements වලට ගියේ නැතත් නේමාර් සමුගන්නේ යුගයක මතක ගොන්නක් ඉතිරි කරලා. ප්ලේයින් ස්ටයිල් එකක් ඉතිරි කරලා. ඒ ලෙගසි එක achievements වලින් ළඟා කරගන්න බැහැ. Defenders මෙල්ල කරමින් පාපන්දුවෙන් අමුතු රටා මවමින් ක්‍රිඩා කරපු නේමාර්ව අපට අමතක වෙන එකක් නැහැ. ඉදිරි කාලයේදී කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ බිහි වුණත් නේමාර්ගේ Skill එක ගැන අපි ඒ ක්‍රීඩකයන්ගේ හැකියාව සමඟ සංසන්දනය කරන්න උත්සාහ ගනීවි. අද Pele, ගරිංචා කියන්නේ මොඩර්න් පාපන්දුවල හිටියා නම් අනුගත වෙන්න බැරි ක්‍රීඩකයෝ කියලා සමහරු කියනවා වගේ එදාට බිහි වෙන රසිකයෝ නේමාර් කියන්නෙත් එහෙම Nostalgic පුරාවෘතයක් විතරයි කියලා අපිට කියාවි. අපිට ඔහුව defend කරන්න ඔහුගේ Longevity එක හෝ ඔහු ජයගත් කුසලාන හා සම්මාන පෙන්වන්න නැහැ. හැබැයි ප්‍රයිම් නේමාර්ව සජීව ක්‍රීඩා කරනවා දැකපු පරම්පරාව හැටියට අපි අනාගතයේ නේමාර්ව පිටි පස්සට දාලා කතා කරන රසික පරම්පරාව ඉස්සරහ ඔහුගේ හැකියාව defend කරාවි. Thanks Ney.

Farewell Neymar Jr.

130 Games

80 Goals (2nd Most in CONMEBOL)

60 Assists (2nd Most)

9 World Cup Goals

1 Confederation Cup

1 Olympic Gold Medal

2026 FIFA World Cup R16

FT: Norway v Brazil (2-1)

MetLife Stadium, USA

Admin: Pasindu Herath