Warner Bros confirms Aegon's Conquest movie will be released in theaters

අතිශය ජනප්‍රිය Game of Thrones විශ්වය ඇසුරින් නිර්මාණය කරමින් පවතින Aegon’s Conquest චිත්‍රපටය සිනමාශාලාවට නිකුත් කරන බවට Warner Bros ආයතනය තහවුරු කර තිබෙනවා. 2027 වසරෙන් පසුව ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ.
Andor සහ House of Cards වැනි අතිශය ජනප්‍රිය කතාමාලාවන් වෙනුවෙන් තිරරචනයෙන් දායක වූ Beau Willimon විසින් මෙම චිත්‍රපටයේ තිරපිටපත රචනා කිරීමට නියමිතයි. රූපවාහිනී කතාමාලාවක් ලෙසින් මුළු ලෝකයකම ආදරය දිනාගත් Game of Thrones විශ්වය, මෙලෙස සුවිශේෂී චිත්‍රපටයක් ලෙසින් සිනමාශාලා වෙත පැමිණීම ප්‍රේක්ෂකයින්ට ද අලුත්ම අත්දැකීමක් වනු ඇති.
Discussion
No comments yet — start the conversation.