Harry Potter fans forced a $500 million energy project’s route to change because it was going through Dobby’s grave

Harry Potter චිත්‍රපට මාලාවේ ඩොබී ගේ මරණය රූගත කල අනුස්මරණ ස්ථානයේ ඉදිකිරීමට තිබූ ඇ.ඩො මිලියන 500කට වටිනාකමකින් යුත් දැවැන්ත විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් රසිකයන්ගේ විරෝධය ඔස්සේ නවතා දමයි.
අතිශය ජනප්‍රිය Harry Potter චිත්‍රපට මාලාවේ එන Dobby ගේ අනුස්මරණ ස්ථානය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක ගමන් මාර්ගය වෙනස් කිරීමට එම චිත්‍රපටයේ රසිකයින් සමත් වී තිබෙනවා. Greenlink නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය හරහා එක්සත් රාජධානිය සහ අයර්ලන්තය අතර මුහුද යටින් දිවෙන දැවැන්ත විදුලි කේබලයක් එළීමට සැලසුම් කර තිබුණා.
මෙම විදුලි කේබලය වේල්සය හි පිහිටි Freshwater West වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ අතර, අදාළ ස්ථානය Harry Potter and the Deathly Hallows – Part 1 චිත්‍රපටයේ Dobby ගේ මරණය රූගත කළ ස්ථානය වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි. චිත්‍රපටය නිකුත් වීමෙන් අනතුරුව ලොව පුරා සිටින Harry Potter රසිකයින් විසින් අදාළ ස්ථානයේ ගල් සහ මේස් තබමින් Dobby වෙනුවෙන් අනුස්මරණ ස්ථානයක් ද නිර්මාණය කර තිබුණා. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු වන Simon Ludlam විසින් BBC නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදාළ කේබලය ගමන් කරන මාර්ගය පිළිබඳව හෙළි කිරීමත් සමගින්, ඊට දැඩි විරෝධය පළ කරමින් රසිකයින්ගෙන් දුරකථන ඇමතුම් දහස් ගණනක් ඔවුන් වෙත ලැබී තිබෙනවා.
ආරම්භයේදී Simon Ludlam විසින් Dobby යනු හුදෙක් ප්‍රබන්ධ චරිතයක් පමණක් බව පවසමින් එය නොසලකා හැරීමට උත්සාහ කළද, රසිකයින්ගේ විරෝධතාවය ඉතාමත් බරපතළ මට්ටමක පැවතීම හේතුවෙන් ව්‍යාපෘතියේ ගමන් මාර්ගය වෙනස් කිරීමට ඔවුන්ට අවසානයේදී සිදුවුණා. ඒ අනුව Dobby ගේ අනුස්මරණ ස්ථානය මගහරිමින් නව ගමන් මාර්ගයක් ඔවුන් විසින් සැලසුම් කළද, එම නව මාර්ගය ක්‍රිස්තු පූර්ව 1700 සහ 1500 අතර කාලයට අයත් සැබෑ Bronze Age යුගයේ මානව භෂ්මාවශේෂ සහිත බඳුනක් හමුවූ පුරාවිද්‍යාත්මක ස්ථානයකට ඉතාමත් ආසන්නයෙන් ගමන් කිරීම බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රබන්ධ චරිතයක අනුස්මරණ ස්ථානයක් ආරක්ෂා කරගනිමින් මෙන්ම සැබෑ පුරාවිද්‍යාත්මක ස්ථානයට ද හානියක් නොවන අයුරින් අදාළ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.