AMC records highest weekend revenue in its 106-year history driven by Spider-Man: Brand New Day

AMC records highest weekend revenue in its 106-year history driven by Spider-Man: Brand New Day

ලොව විශාලතම සිනමාහල් ජාලය වන AMC ආයතනය සිය වසර 106 ක ඉතිහාසය තුළ ඉහළම සතිඅන්ත ආදායම පසුගිය සතිඅන්තයේදී වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

මෙලෙස ඓතිහාසික ආදායම් වාර්තාවක් තැබීමට හේතුව වී ඇත්තේ Spider-Man: Brand New Day චිත්‍රපටය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්ෂකයින් පිරිසක් සිනමාහල් වෙත පැමිණීමයි. ඒ අනුව ඇමෙරිකාව තුළ පිහිටි AMC Theatres සහ ජාත්‍යන්තරව පිහිටි ODEON Cinemas සිනමාහල් වෙත පසුගිය සතිඅන්තය තුළදී පමණක් මිලියන 10 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබෙනවා..