The 2026 FIFA World Cup reportedly generated over $9 billion in revenue, setting a new record for a sporting event

The 2026 FIFA World Cup reportedly generated over $9 billion in revenue, setting a new record for a sporting event

2026 FIFA World Cup පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ඇ.ඩො බිලියන 9කට අධික දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා. මෙම අතිවිශාල ආදායමත් සමඟින් සමස්ත ක්‍රීඩා ඉතිහාසයේ තනි තරඟාවලියක් විසින් ලබාගත් ඉහළම ආදායම වාර්තා කරමින් නව ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට මෙවර ලෝක කුසලානයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම 2023 සිට 2026 දක්වා වූ සමස්ත සිව් අවුරුදු වාණිජ කාලසීමාවේ ආදායම ඩොලර් බිලියන 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මීට පෙර මෙම ඓතිහාසික ආදායම් වාර්තාව හිමිකරගෙන සිටියේ 2022 වසරේ Qatar හිදී පැවැත්වුණු FIFA World Cup තරඟාවලියයි. ඔවුන් එවර ඩොලර් බිලියන 7.5කට ආසන්න ආදායමක් වාර්තා කර තිබූ අතර, මෙවර ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ පැවති ලෝක කුසලානය එම වාර්තාව මෙලෙස විශාල පරතරයකින් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා.

එම දැවැන්ත ආදායම කණ්ඩායම් 32 සිට 48 දක්වා තරඟාවලිය විශාල කිරීම හමුවේ තරඟ සංඛ්‍යාව 104 දක්වා වැඩිවීම ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. United States, Mexico සහ Canada යන රටවල පැවැත්වුණු තරඟ සඳහා පැවති දැවැන්ත ඉල්ලුම, අධික ප්‍රවේශ පත්‍ර අලෙවිය, විකාශන අයිතිය මෙන්ම අනුග්‍රාහක දායකත්වයන් හරහා මෙම අතිවිශාල මුදල FIFA සංවිධානය වෙත හිමිවුණා.

මෙම දැවැන්ත මූල්‍ය සාර්ථකත්වයත් සමඟින් මෙවර ලෝක කුසලානය සඳහා ලබාදුන් මුළු ත්‍යාග මුදල් ප්‍රමාණයද ඩොලර් මිලියන 871 දක්වා ඉහළ දැමීමට ඔවුන් කටයුතු කළා. ඒ අනුව මෙවර ලෝක කුසලාන ශූරතාව දිනාගත් Spain කණ්ඩායම සඳහා හිමිවූ ඓතිහාසික ත්‍යාග මුදල ඩොලර් මිලියන 50ක් වන අතර, දෙවන ස්ථානය ලබාගත් Argentina කණ්ඩායම සඳහා ඩොලර් මිලියන 33ක මුදලක් හිමිවුණා.

ප්‍රවේශ පත්‍ර අලෙවිය, විකාශන අයිතිය මෙන්ම අනුග්‍රාහක දායකත්වයන් හරහා මෙම වාර්තාගත ආදායම උපයා ගැනීමට FIFA සංවිධානයට හැකිවී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.