The 2026 FIFA World Cup Champions will receive Championship Rings for the first time in FIFA tournament history

The 2026 FIFA World Cup Champions will receive Championship Rings for the first time in FIFA tournament history

මෙවර 2026 FIFA World Cup තරඟාවලියේදී ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට Championship Rings ලබාදීමට තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ අතිශය ජනප්‍රිය NBA සහ NFL වැනි ප්‍රධාන ක්‍රීඩා තරඟාවලිවල ජයග්‍රාහකයින්ට මෙවැනි මුදු ලබාදීමේ සම්ප්‍රදායක් පවතින අතර, එය පාදක කරගනිමින් පාපන්දු ලෝක කුසලානය සඳහාද මෙම නව සංකල්පය හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් අදාළ වසර නියෝජනය වන පරිදි සමස්ත මුදු 2026ක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් මුදු 30ක් තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ඊට අදාළ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පමණක් විශේෂයෙන් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.