SS Rajamouli honored on France's Wall of Filmmakers

Bahubali, RRR වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක SS Rajamouli හට France හි Lyon නුවර පිහිටි Institut Lumière ආයතනය විසින් සුවිශේෂී ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ Mur des Cinéastes හෙවත් Wall of Filmmakers සමරු ඵලකයෙහි ඔහුගේ නම සටහන් කර තිබෙනවා. චිත්‍රපට කලාවේ උපන් බිම ලෙස සැලකෙන මෙම ස්ථානයේ 1982 වසරේ සිට ලොව විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණකරුවන් වෙනුවෙන් තඹ සමරු ඵලකයක් ස්ථාපිත කරමින් මෙම ගෞරවය ලබා දෙනවා.
මෙම සුවිශේෂී ඇගයීම Hollywood හි Walk of Fame සඳහා සමාන වන අතර, එය හිමිවන්නේ චිත්‍රපට කලාවට සදාකාලික මෙහෙවරක් කළ පුද්ගලයින්ට පමණයි. මෙම ඇගයීමත් සමඟ ඔහු Martin Scorsese, Clint Eastwood, Quentin Tarantino James Cameron, Christopher Nolan වැනි ලෝක පූජිත අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලියට එක්වීමට සමත් වී තිබෙනවා. ඔහුගේ යුරෝපීය සංචාරය අතරතුර එම ආයතනය වෙත පැමිණි අවස්ථාවේදී මෙම උපහාරය ලබා දී ඇති අතර, එහිදී ඔහුගේ Eega සහ RRR යන ජනප්‍රිය චිත්‍රපට ද ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ වන විට ඔහු Varanasi නම් සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් වලින් කෙටි විවේකයක් ලබා සිටින බව වාර්තා වනවා.
Discussion
No comments yet — start the conversation.