Sri Lankan motorsport වල නව බලාපොරොත්තුව - Yevan David

Sri Lankan motorsport වල නව බලාපොරොත්තුව - Yevan David

Motorsport ලෝකයේ, විශේෂයෙන්ම Formula 3 (F3) වගේ highly competitive championship එකක podium එකක් ලබා ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ලෝකයේ ඉන්න දක්ෂතම තරුණ drivers ලා compete කරන මේ stage එකේදී, Sri Lanka නියෝජනය කරමින් Yevan David, Silverstone circuit එකේදී ලබා ගත්තු P2 finish එක Sri Lankan motorsport ඉතිහාසයේ ලොකු milestone එකක් විදියට හඳුන්වන්න පුළුවන්.

​මේ achievement එකේ වටිනාකම හරියටම තේරුම් ගන්න නම්, අපි මුලින්ම AIX Racing team එකේ current performance level එක ගැන කතා කරන්න ඕනේ. F3 grid එකේ ඉන්න අනිත් teams එක්ක compare කරද්දී, AIX Racing කියන්නේ ගොඩක් වෙලාවට grid එකේ පිටිපස්සෙන් ඉන්න team එකක්. සාමාන්‍යයෙන් හැමදාම P20 වලට උඩින් qualify වෙන, ඒ වගේම Pole Position එකට වඩා තත්පරයක් විතර පිටිපස්සෙන් ඉන්න car එකක් තමා ඔවුන්ට තියෙන්නේ. මේ වගේ machinery එකකින් top 10 finish එකක් ගන්නවා කියන එකත් අනිත් drivers ලාට සෑහෙන්න අමාරු වැඩක්. Motorsport වලදී car එකේ pace එක කියන්නේ result එක තීරණය කරන ප්‍රධාන සාධකයක්. ඉතින් මේ වගේ පසුබිමක ඉඳගෙන තරග කරන එක driver කෙනෙක්ගේ මානසිකත්වයටත් ලොකු අභියෝගයක්.​

නමුත් Silverstone කියන්නේ වෙනස්ම ජාතියක track එකක්. මේක high-speed corners ගොඩක් තියෙන, driver confidence එක ගොඩක් වැදගත් වෙන circuit එකක්. මෙතනදී car එකේ තියෙන අඩුපාඩු, driver ගේ skill එකෙන් සහ bravery එකෙන් යම්තාක් දුරට cover කරන්න පුළුවන්. Yevan තමන්ගේ car එකේ උපරිම performance එක අරගෙන Free Practice session එකෙත් හොඳ pace එකක් පෙන්නුවා. ඊට පස්සේ Qualifying session එකේදී තමන්ගේ උපරිමය කරලා P11 ලබා ගන්න ඔහු සමත් වුණා. මේක AIX Racing team එකට වගේම Yevan ටත් මේ season එකේ ලැබුණු ලොකුම breakthrough එක විදියට සලකන්න පුළුවන්. මේ result එක නිසා ඔහුට Sprint Race එකේ front row start එකක්, ඒ කියන්නේ P2 position එක හිමි වුණා.​

F3 regulations වලට අනුව Qualifying වල top 12 reverse වෙන නිසා තමා මේ විදියට P11 qualify වෙච්ච Yevan ට Sprint Race එකේ P2 start එකක් ලැබුණේ. Laps 18 ක් පුරාවට දිවෙන මේ Sprint Race එක ආරම්භයේදීම Pole Position එකෙන් පටන් ගත්තු Campos Racing driver, Ugo Ugochukwu, හොඳ start එකක් අරගෙන race එකේ control එක තමන්ගේ අතට ගත්තා. Ugochukwu කියන්නේ දැනටමත් championship leader. ඒ වගේම Campos car එකේ තියෙන pace එකත් එක්ක ඔහු අනිත් cars වලින් ඈත් වෙලා තත්පර 15 කට වඩා ලොකු gap එකක් හදාගෙන ලේසියෙන්ම race එක ජයග්‍රහණය කළා. නමුත් ඇත්තම තරගය තිබුණේ Ugochukwu ට පිටිපස්සෙන්, හරියටම කිව්වොත් Yevan ගේ P2 position එක වෙනුවෙන්.​

Laps 18 ක් පුරාවටම Yevan ට සිද්ධ වුණේ තමන්ගේ P2 position එක ආරක්ෂා කරගන්න. මේක කිසිම විදියකින් ලේසි වුණේ නෑ. ඔහුට පිටිපස්සෙන් හිටියේ F3 grid එකේ තියෙන fast සහ dominant cars වෙන Trident සහ Prema team cars පදවන drivers ලා. මුල් laps කිහිපයේදී James Wharton තමන්ගේ Prema car එකෙන් ලොකු pressure එකක් දුන්නා. නමුත් ඊට පස්සේ Trident team එකේ Noah Stromsted සහ Matteo De Palo ඉස්සරහට ඇවිත් Yevan ව overtake කරන්න ගොඩක් attempts ගත්තා. Prema සහ Trident කියන්නේ straight-line speed සහ cornering performance අතින් AIX Racing car එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න machinery.

​Race එකේ මැද හරිය වෙද්දී, Yevan ට පිටිපස්සෙන් හිටපු Stromsted සහ De Palo අතරෙත් ලොකු battle එකක් ගියා. එක අවස්ථාවකදී මේ Trident drivers ලා දෙන්නා අතර පොඩි contact එකක් පවා සිද්ධ වුණා. මේ දේවල් අස්සේ Yevan තමන්ගේ focus එක නැති කරගන්නේ නැතුව, track positioning හරියටම maintain කරමින් ඉස්සරහට ගියා. සාමාන්‍යයෙන් fast car එකක් පිටිපස්සෙන් එද්දී, defend කරන driver ලේසියෙන්ම mistake එකක් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම tyre management කියන දේත් එක්ක මේ pressure එක handle කරන එක ගොඩක් අමාරුයි. නමුත් Yevan තමන්ගේ defensive driving skills උපරිමයෙන් පාවිච්චි කරලා, අන්තිම laps ටික වෙනකම් කිසිම mistake එකක් කරන්නේ නැතුව, තමන්ගේ racing lines හරියට cover කරගෙන defend කළා. අවසාන laps වලදී Theophile Nael, Trident drivers ලාව පහුකරගෙන ඇවිත් P3 ලබා ගත්තත්, Yevan ගේ P2 position එකට challenge කරන්න තරම් කාලයක් ඔහුට ඉතුරු වෙලා තිබුණේ නෑ.​

Motorsport industry perspective එකෙන් බැලුවොත්, මේ performance එක Yevan ගේ career එකට ගොඩක් ලොකු positive impact එකක් ඇති කරනවා. සාමාන්‍යයෙන් backmarker team එකක ඉඳගෙන මේ වගේ performance එකක් දෙනවා කියන්නේ, top tier teams වල අවධානය කෙලින්ම ඔහු වෙත යොමු වෙනවා කියන එකයි. Car advantage එකක් නැතුව, හුදෙක් driving talent එකෙන් සහ defensive masterclass එකකින් podium එකක් ගත්තු එකෙන් පැහැදිලි වෙන්නේ, හොඳ machinery එකක් ලැබුණොත් ඔහුට මීට වඩා ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන් කියන එක. ඒ වගේම major Formula Racing series එකක podium එකකට නැගපු පළවෙනි Sri Lankan driver විදියට ඔහු ඉතිහාසගත වෙනවා.​

අවසාන වශයෙන් කියනවා නම්, Yevan David ගේ මේ Silverstone Sprint Race P2 finish එක නිකම්ම race result එකක් නෙමෙයි. ඒක underdog කෙනෙක් තමන්ගේ talent එකෙන්, තමන්ට තියෙන limitations overcome කරපු අතිවිශිෂ්ට අවස්ථාවක්. ඉස්සරහට තියෙන races වලදීත් මේ වගේ consistent performance එකක් දෙන්න Yevan ට පුළුවන් වුණොත්, අනිවාර්යයෙන්ම මීට වඩා competitive team එකකට යන්න ඔහුට හොඳ අවස්ථාවක් ලැබෙනවා නොඅනුමානයි. මේක Sri Lankan motorsport වලට අලුත් බලාපොරොත්තුවක්.

​Written by Adithya Bandara.