Spoiler Alert - Obsession

Spoiler Alert - Obsession

ඔයාල දැනගෙන හිටියද?

Obsession චිත්‍රපටයේ මුලින්ම සැලසුම් කර ඇත්තේ “රෝමියෝ සහ ජුලියට්” කතාව සිහිගන්වන ඛේදජනක අවසානයක් වන අතර මුල් පිටපතට අනුව ශාපය බිඳ දැමීම සඳහා බෙයාර් මිය යන නමුත්, ආවේශයෙන් මිදී අවසානයේ තමන්ගේ පියවි සිහියට පැමිණෙන නිකී තමන් ආවේශ වී සිටි කාලයේ කළ සියලු දේ පිළිබඳව දැඩි සේ කම්පනයට පත්ව ඇයද සියදිවි නසා ගනී. අධ්‍යක්ෂ Curry Barker මෙම ඛේදජනක “රෝමියෝ සහ ජුලියට්” පන්නයේ දෙදෙනාම මිය යන අවසානය රූගත කරද තිබුනි.

කෙසේ වෙතත්, චිත්‍රපටයේ ඇතුලත් කර ඇති නිකී ජීවත් වන one take දර්ශනයෙහි (one-take දර්ශනයක් කියන්නේ, නැවත නැවත උත්සහ නොකර පළමු උත්සාහයේදීම සාර්ථකව රංගනයේ යෙදීමයි) Inde Navarrette ගේ විශිෂ්ට රංගනය නැරඹීමෙන් පසු, අධ්‍යක්ෂකවරයාගේ පියා සහ කාර්ය මණ්ඩලය ඔහුට පවසා ඇත්තේ නිකී ජීවත් වීම වඩාත් කලබලකාරී මෙන්ම හැඟීම්බර අවසානයක් වන බවයි. බාකර් ද ඊට එකඟ වූ නිසා, සිනමාහල්වලට නිකුත් කළ පිටපතේ ඇයව ජීවත් කරවීමට තීරණය විය.

ඒ අනුව ඇය දැඩි මානසික කම්පනයකින් යුතුව, ශාපය යටතේ සිදු වූ සියල්ල මතකයේ තබා ගනිමින් ජීවත් වීමට සිදුවන ආකාරයෙන් එය අවසන් කර ඇත.

ඔයාට අනුව මොන අවසානයද හොඳ? රෝමියෝ ජුලියට් end එකද? චිත්‍රපටයේ තියෙන එකද?