Ramayana to release in nearly 50 languages utilizing DNEG AI-powered lip-sync Brahma AI technology

රාමායණ චිත්‍රපටය DNEG විසින් හඳුන්වා දුන් Brahma කෘතිම බුද්ධියෙන් බළගැන්වුනු තොල් සම (AI-powered lip-sync) තාක්ෂණයෙන් භාෂා 50ට හඬකවා නිකුත් කරන බවට නිවේදනය කරයි.
Ramayana චිත්‍රපටය සාමාන්‍ය හඬකැවීම් ක්‍රමවේදයන්ගෙන් බැහැරව භාෂා 50කට ආසන්න ප්‍රමාණයකින් ලොව පුරා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා DNEG ආයතනය විසින් හඳුන්වා දුන් නවතම AI-powered lip-sync තාක්ෂණයෙන් සමන්විත Brahma AI තාක්ෂණය භාවිතා කිරීමටයි අදාළ නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙන්නේ.
මෙම සුවිශේෂී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගේ මුහුණේ ඉරියව්වලට හානියක් සිදු නොකර, හඬකවන භාෂාවට හරියටම ගැලපෙන ආකාරයට ඔවුන්ගේ තොල්වල චලනයන් වෙනස් කරනු ලබනවා. එමගින් සාමාන්‍ය හඬකැවූ චිත්‍රපටයක් නරඹන විට දැනෙන නොගැලපීම් මගහැරී ගොස් ප්‍රේක්ෂකයින්ට ඉතාමත් ස්වභාවික අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
පසුගියදා Sony ආයතනය විසින් අන්තර්ජාලයට නිකුත් කළ මෙම චිත්‍රපටයේ ඉංග්‍රීසි පූර්ව ප්‍රචාරක පටය සඳහා ද මෙම තාක්ෂණය අතිසාර්ථකව භාවිතා කර තිබුණා. මෙම නවතම තාක්ෂණික පෙරළියත් සමඟින් ලොව පුරා ප්‍රේක්ෂකයින්ට තමන්ගේම භාෂාවෙන් කිසිදු බාධාවකින් තොරව මෙම දැවැන්ත චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිවීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.