2026 sees five movies cross 1 billion mark at global box office, the most since 2019

2026 sees five movies cross 1 billion mark at global box office, the most since 2019

වසර 2026 තවමත් අවසන් වීමට පෙරම ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම්හි ඇ.ඩො බිලියනයේ සීමාව පසු කිරීමට චිත්‍රපට 5ක් සමත් වී තිබෙනවා. ඒ අනුව 2019 වසරෙන් පසුව තනි වසරක් තුළ ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසු කළ වැඩිම චිත්‍රපට සංඛ්‍යාව වාර්තා වූ වසර බවට 2026 පත්ව තිබෙනවා.

මෙලෙස ඇ.ඩො බිලියනයේ දැවැන්ත කඩඉම පසු කිරීමට Spider-Man: Brand New Day, Toy Story 5, Michael, The Super Mario Galaxy Movie සහ The Odyssey යන චිත්‍රපට සමත් වුණා. වසංගත තත්ත්වයෙන් පසුව සිනමාහල් වෙත ප්‍රේක්ෂකයින් පැමිණීමේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන මෙම වාර්තාවත් සමඟින්, ඉදිරියේදී නිකුත් වීමට නියමිත තවත් දැවැන්ත චිත්‍රපට කිහිපයක් ද මෙම ඩොලර් බිලියනයේ සීමාව පසු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසු කළ වසර වන්නේ 2019 වසරයි. එහිදී චිත්‍රපට 9ක් එම සීමාව පසු කිරීමට සමත් වුණා.

1. Avengers: Endgame — $2.79B

2. The Lion King —$1.65B

3. Frozen 2 — $1.45B

4. Spider-Man: Far From Home —$1.13B

5. Captain Marvel — $1.12B

6. Joker — $1.07B7. Star Wars: The Rise of Skywalker —$1.07B

8. Toy Story 4 — $1.07B

9. Aladdin — $1.05B

2019 වසරට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2015 සහ 2018 වසරවල වන අතර, එම වසර දෙකේම චිත්‍රපට 5 බැගින් ඩොලර් බිලියනයේ සීමාව පසු කර තිබුණා. 2019න් පසුව කොවිඩ් වසංගතය නිසා මෙම සංඛ්‍යාව දැඩි ලෙස කඩා වැටුණු අතර 2020 දී එකදු චිත්‍රපටයක් හෝ මෙම සීමාව පසු නොකළ අතර, 2021 දී Spider-Man: No Way Home පමණක්, 2022 දී 3ක්, 2023 දී 2ක් සහ 2024 හා 2025 වසරවලදී චිත්‍රපට 3 බැගින් පමණක් මෙම කඩඉම පසු කිරීමට සමත් වුණා.