Spider-Noir has been nominated for 11 Emmys.

Spider-Noir has been nominated for 11 Emmys.

Amazon Prime Video හි විකාශය වූ Spider-Noir කතාමාලාව මෙවර Emmy සම්මාන සම්මාන 11ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ප්‍රහසන (Comedy) ඛාණ්ඩයෙන් තරඟ කිරීමට ගත් තීරණය නිසා ප්‍රධාන රංගන සම්මාන මඟහැරුණත්, කතාමාලාවේ ඇති තාක්ෂණික සහ දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects) අංශ සම්පූර්ණයෙන්ම පෙරමුණ ගෙන තිබෙනවා.

නිර්දේශ වී ඇති කාණ්ඩ:

(1) හොඳම නාමකරණ සැලසුම (Best Title Design)

(2) හොඳම මුල් සංගීතය සහ පද රචනය (Best Original Music & Lyrics)

(3) හොඳම කැමරාකරණය (Best Cinematography)

(4) හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design)

(5) හොඳම අංගරචනය (Best Prosthetic Make-Up)

(6) හොඳම සංගීත නිර්මාණය (Best Music Composition)

(7) හොඳම ශබ්ද සංස්කරණය (Best Sound Editing)

(8) හොඳම ශබ්ද මිශ්‍රණය (Best Sound Mixing)

(9) හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග (Best Special Visual Effects)

(10) හොඳම ක්‍රියාදාම සම්බන්ධීකරණය (Best Stunt Coordination)

(11) හොඳම ක්‍රියාදාම රංගනය (Best Stunt Performance)