Spider-Man: Brand New Day records second biggest global opening weekend in history with $875 million

Spider-Man: Brand New Day ඇ.ඩො මිලියන 875ක් සමඟින් සිනමා ඉතිහාසයේ දෙවෙනියට ඉහළම ගෝලීය ආරම්භක සතිඅන්ත ආදායම වාර්තා කරයි.
පෙරේදා දිනයේ ලොව පුරා තිරගත වීම ආරම්භ කල Spider-Man: Brand New Day චිත්‍රපටය සිනමා ඉතිහාසයේ දෙවෙනියට ඉහළම ගෝලීය ආරම්භක සතිඅන්ත ආදායම වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව අදාළ චිත්‍රපටය එහි පළමු සතිඅන්තය තුළ පමණක් ලොව පුරා සිනමාහල්වලින් ඩොලර් මිලියන 875 ක ආදායමක් උපයාගෙන ඇති අතර, එයින් ඩොලර් මිලියන 355ක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව තුළින්. සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම ගෝලීය ආරම්භක සතිඅන්ත ආදායම් වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ඩොලර් බිලියන 1.223 ක් උපයාගත් Avengers: Endgame චිත්‍රපටයයි.
Discussion
No comments yet — start the conversation.