Spider-Man: Brand New Day global opening weekend collection officially updated to $927 million following China record

චීනයේ නවතම බොක්ස් ඔෆිස් වාර්තා සමඟ Spider-Man: Brand New Day ආරම්භක සති අන්ත ආදායම ඇ.ඩො මිලියන 927 දක්වා ඉහලට.
අපි මීට පෙර මුලින්ම ලැබුණු දත්ත මත පදනම්ව Spider-Man: Brand New Day චිත්‍රපටය එහි ගෝලීය ආරම්භක සතිඅන්තය තුළ ඩොලර් මිලියන 875 ක ආදායමක් ලබාගත් බවට වාර්තා කරනු ලැබුවා. කෙසේ වෙතත් චීනය තුළ වාර්තා වූ නවතම බොක්ස් ඔෆිස් ආදායම් දත්ත ද මීට සුළු මොහොතකට පෙර මීට එක්වීමත් සමගින්, අදාළ චිත්‍රපටය ලොව පුරා සිනමාහල්වලින් ඩොලර් මිලියන 927 ක අති දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇති බවට මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.
මෙය සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ දෙවෙනියට ඉහළම ගෝලීය ආරම්භක සතිඅන්ත ආදායම ලෙස තවදුරටත් සටහන් වනවා. සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම ගෝලීය ආරම්භක සතිඅන්ත ආදායම් වාර්තාවට තවදුරටත් හිමිකම් කියනු ලබන්නේ ඩොලර් බිලියන 1.223 ක දැවැන්ත ආදායමක් උපයාගත් Avengers: Endgame චිත්‍රපටයයි.
රටවල් අනුව Boxoffice වාර්තා:
(1) America — $355M+
(2) China — $123M
(3) UK/Ireland — $50M
(4) Mexico — $38M
(5) India — $31M
(6) France — $26M
(7) South Korea — $25M
(8) Brazil — $23M
(9) Australia/N. Zealand — $21M
(10) Germany — $20M
(11) ITALY: $18M
Discussion
No comments yet — start the conversation.