
Spider-Man: Brand New Day becomes highest grossing Spider-Man film crossing 2 billion dollars globally
Spider-Man: Brand New Day චිත්‍රපටය ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අලුත් කරමින් ඇ.ඩො බිලියන 2 ක දැවැන්ත ආදායම් සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව සිනමා ඉතිහාසයේ මෙම සුවිශේෂී කඩඉම පසුකළ ලොව ප්‍රථම Spider-Man චිත්‍රපටය බවට පත්වීමට මෙන්ම, Spider-Man චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වීමේ වාර්තාව ද Spider-Man: Brand New Day හට හිමිවී තිබෙනවා.
සිනමා ඉතිහාසයේ ඇ.ඩො බිලියන 2 කඩඉම පසුකළ 8 වන චිත්‍රපටය ලෙස ද මෙය වාර්තා අතරට එක්වනවා. ඇමරිකාව, කැනඩාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල වෙළඳපොළ තුළ ද එකසේ දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය, මින් පෙර ඩොලර් බිලියන 1.9 ක ආදායමක් වාර්තා කරමින් Spider-Man: No Way Home චිත්‍රපටය විසින් තබා තිබූ වාර්තාව ද මේ වන විට බිඳ දමා අවසන්.
Spider-Man (2002) — ඇ.ඩො 824 මිලියන
Spider-Man 2 (2004) — ඇ.ඩො 797 මිලියන
Spider-Man 3 (2007) — ඇ.ඩො 896 මිලියන
The Amazing Spider-Man (2012) — ඇ.ඩො 759 මිලියන
The Amazing Spider-Man 2 (2014) — ඇ.ඩො 710 මිලියන
Spider-Man: Homecoming (2017) — ඇ.ඩො 879 මිලියන
Spider-Man: Into the Spider-Verse (2018) — ඇ.ඩො 374 මිලියන
Spider-Man: Far From Home (2019) — ඇ.ඩො 1.132 මිලියන
Spider-Man: No Way Home (2021) — ඇ.ඩො 1.921 මිලියන
Spider-Man: Across the Spider-Verse (2023) — ඇ.ඩො 691 මිලියන
Spider-Man: Brand New Day (2026) — ඇ.ඩො 2.022 මිලියන
Discussion
No comments yet — start the conversation.