
Jerry Bruckheimer confirms talks with Johnny Depp for new Pirates of the Caribbean movie
නවතම Pirates of the Caribbean චිත්‍රපටයේ ජැක් ස්පැරෝ චරිතය සඳහා ජොනී ඩෙප් නැවත සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට එහි නිෂ්පාදක පවසයි.
සුප්‍රකට Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත නවතම චිත්‍රපටය සඳහා Captain Jack Sparrow ගේ චරිතයට Johnny Depp නැවත සම්බන්ධ කරගැනීම පිළිබඳව මේ වන විට ඔහු සමග සාකච්ඡා පවත්වමින් සිටින බව එහි නිෂ්පාදක Jerry Bruckheimer විසින් අනාවරණය කර තිබෙනවා. Disney සමාගමේ D23 උළෙල අතරතුරදී Deadline වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ දිනවල ඒ සඳහා වන පිටපත සකස් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, මෙම කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
මින් පෙර තිරගත වූ Pirates of the Caribbean චිත්‍රපට 5 ම නිෂ්පාදනය කළ Jerry Bruckheimer පෙන්වා දෙන්නේ, Johnny Depp මෙයට නැවත එක්වීම ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ සකස් කෙරෙන පිටපතේ ගුණාත්මකභාවය මත බවයි. චරිතය පිළිබඳව Johnny Depp සෑහීමකට පත්වන අයුරින් පිටපත ලියවෙන්නේ නම් ඔහු නැවතත් මෙම චරිතයට එක්වනු ඇතැයි නිෂ්පාදකවරයා මින් පෙර ද විශ්වාසය පළ කර තිබුණා.
මෙම 6 වන චිත්‍රපටය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමක්, නළු නිළියන් තෝරා ගැනීමක් හෝ තිරගත වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මෙම චිත්‍රපට මාලාවේ අවසන් වරට නිකුත් වූ Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය තිරගත වූයේ 2017 වසරේදියි. සිය සිනමා දිවියේ සුවිශේෂීම සලකුණක් තැබූ Captain Jack Sparrow ගේ චරිතය සඳහා Johnny Depp නැවත පැමිණෙනු ඇතැයි ලොව පුරා සිනමාලෝලීන් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් පසුවන අතර, මෙම නවතම ප්‍රකාශයත් සමග එම බලාපොරොත්තුව තවදුරටත් තහවුරු වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.