
Spider-Man: Brand New Day becomes first film of 2026 and first live-action film since 2022 to cross 2 billion dollars
2022 වසරෙන් පසුව ඇ.ඩො බිලියන 2 ආදායම් සීමාව පසු කල පළමු සජීවී-ක්‍රියාදාම චිත්‍රපටය බවට පත් වෙමින් Spider-Man: Brand New Day ඇ.ඩො බිලියන 2 සීමාව පසු කරයි.
Spider-Man: Brand New Day චිත්‍රපටය ලොව පුරා ආදායම ඇ.ඩො බිලියන 2 ක දැවැන්ත ආදායම් සීමාව පසුකිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව 2026 වසර තුළදී මෙම සුවිශේෂී කඩඉම පසුකළ ප්‍රථම චිත්‍රපටය බවට පත්වන Spider-Man: Brand New Day, 2022 වසරෙන් පසුව ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගිය ලොව ප්‍රථම සජීවී-ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ද සිනමා ඉතිහාසයට එක්වනවා.
2025 වසරේදී තිරගත වූ Ne Zha 2 සජීවිකරණ චිත්‍රපටය අහම්බෙන් ඇ.ඩො බිලියන 2 කඩඉම පසුකර නොමැති නම්, 2022 වසරෙන් පසුව එම දැවැන්ත ආදායම් සීමාව පසුකළ ලොව එකම චිත්‍රපටය බවට පත්වීමේ විරල වාර්තාව ද හිමි වන්නේ Spider-Man: Brand New Day චිත්‍රපටයටයි.
Discussion
No comments yet — start the conversation.