Spider-Man: Brand New Day beats Avengers: Endgame to record biggest domestic opening weekend with $360 million

Spider-Man: Brand New Day beats Avengers: Endgame to record biggest domestic opening weekend with $360 million

Avengers: Endgame පසු කරමින් Spider-Man: Brand New Day ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම වාර්තා කරයි.

Spider-Man: Brand New Day චිත්‍රපටය එහි පළමු සතිඅන්තය තුළදී ඇමෙරිකාව තුළින් පමණක් ඩොලර් මිලියන 360 ක අති දැවැන්ත ආදායමක් උපයාගනිමින් ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

ඊයේ දිනයේදී අප විසින් පවතින දත්ත මත පදනම්ව මෙම චිත්‍රපටය දෙවන ස්ථානයේ පසුවන බවට වාර්තා කළද, ඊයේ රාත්‍රී කාලයේ ප්‍රදර්ශනය වූ අමතර දර්ශන වාරවල දත්ත ද එක්වීමත් සමගින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ඒ අනුව මීට පෙර ඇ.ඩො මිලියන 357ක් ලබාගෙන එම දැවැන්ත වාර්තාවට හිමිකම් කියූ Avengers: Endgame චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අභිබවා යමින්, සිනමා ඉතිහාසයේ ඉහළම ඇමෙරිකානු ආරම්භක සතිඅන්ත ආදායම සහිත චිත්‍රපටය ලෙස නම සටහන් කරගැනීමට මෙය මේ වන විට සමත් වී තිබෙනවා.