Spider-Man: Brand New Day and The Odyssey power biggest domestic box office weekend in history with $430 million

Spider-Man: Brand New Day and The Odyssey power biggest domestic box office weekend in history with $430 million

Spider-Man: Brand New Day සහ The Odyssey චිත්‍රපට ද්විත්වය එක්ව ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බොක්ස් ඔෆිස් සතිඅන්ත ආදායම ලබාගත් සතිඅන්තය ලෙස පසු ගිය සති අන්තය ඉතිහාසගත වෙයි.

ලොව පුරා සිනමාහල් කැළඹූ Spider-Man: Brand New Day සහ The Odyssey යන චිත්‍රපට ද්විත්වයේ අතිදැවැන්ත සාර්ථකත්වයත් සමගින් පසුගිය සතිඅන්තයේදී ඇමෙරිකානු බොක්ස් ඔෆිස් (Domestic Box Office) ආදායම ඩොලර් මිලියන 430 ක සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ළඟා වී තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම බොක්ස් ඔෆිස් සතිඅන්ත ආදායම ලබාගත් සතිඅන්තය ලෙස මෙය ඉතිහාසගත වනවා. (ජූලි 31—අගෝස්තු 2) මෙම දැවැන්ත ආදායම් වාර්තාව සඳහා Tom Holland ප්‍රධාන චරිතය නිරූපණය කරන Spider-Man: Brand New Day චිත්‍රපටය මෙන්ම Christopher Nolan ගේ The Odyssey චිත්‍රපටයද මූලික වශයෙන්ම දායක වී තිබෙනවා.