Sony Pictures acquires global distribution rights for Ramayana

Sony Pictures acquires global distribution rights for Ramayana

ඉන්දියානු චිත්‍රපටයක ජාත්‍යන්තර බෙදාහැරීමේ අයිතිය Hollywood ස්ටුඩියෝවක් විසින් ලබාගත් ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් Warner Bros. පරදා Sony Pictures ආයතනය Ramayana චිත්‍රපටය තමන් සතු කරගනී.

කොටස් දෙකකින් යුත් දැවැන්ත Ramayana චිත්‍රපටයේ ජාත්‍යන්තර බෙදාහැරීමේ අයිතිය ලබා ගැනීමට Warner Bros. සහ Sony Pictures යන ප්‍රමුඛ පෙළේ Hollywood ස්ටුඩියෝ ද්විත්වයම දැඩි අවධානයක් යොමු කර තිබූ අතර, එහි අවසන් නිල ගිවිසුම තමන් සතු කර ගැනීමට Sony Pictures ආයතනය සමත්ව තිබෙනවා. මෙවැනි දැවැන්ත මට්ටමේ විශේෂිත ගිවිසුමක් සමඟින් ඉන්දියානු චිත්‍රපටයක ජාත්‍යන්තර බෙදාහැරීමේ අයිතිය Hollywood ස්ටුඩියෝවක් විසින් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය ඉන්දියානු සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවටද පත්වනවා.

සාමාන්‍යයෙන් මීට පෙර නිර්මාණය වූ Baahubali, RRR සහ KGF වැනි දැවැන්ත ඉන්දියානු චිත්‍රපට ජාත්‍යන්තරව බෙදාහැරීමේ කටයුතු සිදු කෙරුණේ අදාළ රටවල් තුළ සිටින ඉන්දියානු බෙදාහරින්නන් හරහායි. නමුත් Ramayana චිත්‍රපටය සෘජුවම Hollywood Blockbuster නිර්මාණයක් ලොව පුරා ප්‍රදර්ශනය කරන ආකාරයටම Sony Pictures ආයතනය විසින් සම්පූර්ණයෙන්ම භාරගෙන තිබීම හේතුවෙන් මෙය මෙලෙස ඉන්දියානු සිනමාවට සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඊට සමගාමීව, Karan Johar ට අයත් Dharma Productions ආයතනය විසින් ඉන්දියාව තුළ භාෂා සියල්ලෙන්ම අදාළ චිත්‍රපටය බෙදාහැරීමේ දේශීය අයිතිය අත්පත් කරගෙන තිබෙනවා.