Siren Head movie in the works at Warner Bros

Warner Bros සමාගම විසින් ජනප්‍රිය Siren Head චරිතය පාදක චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදන කර තිබෙනවා.

Siren Head යනු Trevor Henderson නම් කැනේඩියානු ජාතික කලාකරුවා විසින් 2018 වසරේදී නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් වන අතර ඉතා උස සහ කෙට්ටු සිරුරක් සහිත මෙම ජීවියාගේ හිස වෙනුවට සයිරන් නාද නිකුත් කරන ශබ්දවාහිනී යන්ත්‍ර පිහිටා තිබෙනවා. විවිධ බියකරු ශබ්ද, ගීත සහ හදිසි නිවේදන අනුකරණය කරමින් මිනිසුන් බිය ගැන්වීම මෙම චරිතයේ ස්වභාවය වනවා. 2018 වසරේ ඔහු විසින් මෙම නිර්මාණය Instagram හි පළ කිරීමෙන් පසුව මෙම චරිතය අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා බොහෝ සෙයින් ජනප්‍රිය වුණා.

Deadline වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සඳහා Brian Duffield එක්වන අතර තිර රචනය සඳහා Weapons චිත්‍රපටයේ කටයුතු කළ Zach Cregger එක්වීමට නියමිත බව වාර්තා වනවා.