Sequel to Ready Player One officially titled Ready Player Two enters early development

2018 වසරේදී තිරගත වූ අතිශය ජනප්‍රිය සහ සාර්ථක Ready Player One චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය කරන බවට නිළ වශයෙන් දැනුම් දෙයි. Ready Player Two නමින් නිර්මාණය කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම චිත්‍රපටයේ පිටපත රචනා කිරීමේ කටයුතු සිදුවන බව චිත්‍රපටයේ තිරපිටපත් රචක Zak Penn විසින් තහවුරු කර ඇති අතර, මෙවර චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු ලෙස ප්‍රකට සිනමාකාර Steven Spielberg කටයුතු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම දෙවන කොටස අධ්‍යක්ෂණය කිරීම සඳහා තමන් නැවත නොපැමිණෙන බව Steven Spielberg මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
Ernest Cline විසින් 2020 වසරේදී නිකුත් කරන ලද Ready Player Two නවකතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය වන අතර, පළමු චිත්‍රපටයෙන් පසුව Wade Watts ගේ ඉදිරි ජීවිත කතාව මින් තිරයට ගෙන ඒමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මේ වන විට මූලික සංවර්ධන මට්ටමේ (early development) පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.