Sean Astin says he had to sell his house due to low salary on The Lord of the Rings

Sean Astin says he had to sell his house due to low salary on The Lord of the Rings

අතිශය ජනප්‍රිය The Lord of the Rings චිත්‍රපට මාලාවේ සෑම් (Samwise Gamgee) ගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය රංගන ශිල්පී Sean Astin හට, එම නිර්මාණය වෙනුවෙන් ලැබුණු අඩු ආදායම හේතුවෙන් සිය නිවස පවා විකුණා දැමීමට සිදුවූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන ආකාරයට මෙම චිත්‍රපට මාලාව හරහා ඔහුට ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් සහ අවධානයක් ලැබුණද, ඊට සරිලන ප්‍රමාණවත් මූල්‍යමය වටිනාකමක් ඒ හරහා ඔහුට හිමි වී නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස මතුවූ මූල්‍යමය අපහසුතා මත තමන්ට මෙලෙස තමන් ජීවත් වූ නිවස විකුණා දැමීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට තමන් මූල්‍යමය වශයෙන් ඉතාමත් ස්ථාවර මට්ටමක පසුවන බවද ඔහු අදාළ සම්මුඛ සාකච්ඡාවේදී තහවුරු කර තිබෙනවා.