Ramayana set to break world record with massive release across 59,000 screens global

Ramayana set to break world record with massive release across 59,000 screens global

Avatar: The Way of Water පරදවමින් රාමායණය සිනමා තිර 59,000ක තිරගත කරමින් සිනමා ඉතිහාසයේ දැවැන්තම ප්‍රදර්ශනය සිදු කරන බවට නිවේදනය කරයි.

නිකුත් වීමට නියමිත Ramayana චිත්‍රපටය, සිනමා තිර 59,000ක තිරගත කරමින් සිනමා ඉතිහාසයේ දැවැන්තම ප්‍රදර්ශනය සිදු කර නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සූදානම් වනවා. ඒ අනුව දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටවල තිරගත කිරීමේ වාර්තා ද අභිබවා යමින් අදාළ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙතෙක් ලොව පුරා වැඩිම සිනමාහල් ප්‍රමාණයක තිරගත වූ චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ Avatar: The Way of Water චිත්‍රපටය වන අතර, එය ගෝලීය වශයෙන් තිර 52,000ක පමණ ප්‍රදර්ශනය කර තිබුණා. එහෙත් Ramayana චිත්‍රපටය ජාත්‍යන්තර මට්ටමින් තිර 50,000ක සහ ඉන්දියාව තුළ තිර 9,000ක ප්‍රමාණයක ප්‍රදර්ශනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලොව පුරා සමස්ත තිර 59,000ක පමණ ප්‍රමාණයක මෙම චිත්‍රපටය තිරගත වනු ඇති.

මීට පෙර ඉන්දියානු සිනමාවේ දැවැන්තම තිරගත වීම් වාර්තා කර තිබුණේ තිර 12,000ත් 13,000ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය වූ Pushpa 2: The Rule සහ තිර 10,000ත් 11,000ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය වූ RRR යන චිත්‍රපට හරහායි. වාර්තා වන මෙම නවතම සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත්, ඉන්දියානු සිනමාවේ පමණක් නොව සමස්ත ලෝක සිනමා ඉතිහාසයේ ද වැඩිම තිර ප්‍රමාණයක ප්‍රදර්ශනය වන චිත්‍රපටය බවට Ramayana පත්වීමට නියමිතයි.

මොකද හිතෙන්නේ රාමායණය සාර්ථක වෙයිද?