PlayStation is ending production of physical game discs for all new games

PlayStation is ending production of physical game discs for all new games

GTA 6 භෞතික ක්‍රීඩා තැටි (physical discs) නවතා දැමීමත් සමඟම PlayStation සමාගම විසින් 2028 වසරේ ජනවාරි මාසයේ සිට අලුතින් නිකුත් කරන සියලුම වීඩියෝ ක්‍රීඩා සඳහා භෞතික ක්‍රීඩා තැටි නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ දිනයෙන් පසුව නිකුත් වන සියලුම නව ක්‍රීඩා digital මාධ්‍යයෙන් පමණක් ලබා ගැනීමට පරිශීලකයින්ට සිදුවනවා.

විශේෂයෙන්ම සාමාන්‍යයෙන් physical disc collection හදාගැනීමට ප්‍රිය කරන ක්‍රීඩකයින්ට මෙම තීරණය නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා. මෙම වෙනස්කම් සමඟ ඉදිරියේදී වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වීම තවදුරටත් වේගවත් වනු ඇති බව පෙන්වා දිය හැකියි.