PEOTV offers free live streaming of LPL 2026 through PEO Mobile app for all networks

ශ්‍රී ලංකාව තුළ LPL - Lanka Premier League 2026 තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකරගෙන සිටින PEOTV විසින් ඔවුන්ගේ PEO MOBILE යෙදුම හරහා මෙවර LPL තරගාවලියේ සියලුම තරග සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි කර දී තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ කුමන දුරකථන ජාලයක් භාවිත කළද කිසිදු ජාල භේදයකින් තොරව මෙම තරග නැරඹීමට අවස්ථාව හිමි වීමයි. මේ හරහා ලංකාවේ ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් තමන්ගේ ජංගම දුරකථනය භාවිත කරමින් තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා.
කිසිදු තරගයක් මගනොහැර එකම ක්ලික් එකකින් තමන් සිටින ඕනෑම ස්ථානයක සිට තරගාවලිය නැරඹීම සඳහා අදම ඔබගේ දුරකථනයටත් අදාළ PEO Mobile App එක Download කරගන්නා ලෙස ඔවුන් සියලුම ක්‍රීඩාලෝලීන්ට ආරාධනා කර සිටිනවා.
Discussion
No comments yet — start the conversation.