
Millie Bobby Brown says Grand Theft Auto is her favorite video game and she follows traffic rules like real life
Stranger Things කතාමාලාවේ රංගනයෙන් දායක වන Millie Bobby Brown විසින් ඇයගේ ප්‍රියතම වීඩියෝ ක්‍රීඩාව Grand Theft Auto බව පවසා තිබෙනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ Happy, Sad, Confused නම් පෝඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින්.
සාමාන්‍යයෙන් මෙම ක්‍රීඩාව රථවාහන නීති කඩකිරීම් සහ කලහකාරී ක්‍රියාකාරකම් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවද, ඇය මෙහි නිරත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. එහිදී ඇය සැබෑ ජීවිතයේදී මෙන් මාර්ග නීති අනුගමනය කරමින් සහ මාර්ග සංඥා අසල වාහන නතර කරමින් ඉතා යහපත් පුද්ගලයෙකු ලෙස දෛනික රාජකාරි සඳහා ගමන් කරන ආකාරයෙන් මෙම ක්‍රීඩාවේ නිරත වන බව ඇය පවසා තිබෙනවා.
එසේම ඇය ක්‍රීඩාව තුළ ඇති strip club වෙත ගියද කිසිදු අයුරකින් මත්පැන් පානය නොකරන බවත්, එහිදීද ඉතා යහපත් අයුරින් හැසිරෙන බවත් මීට අමතරව ක්‍රීඩාව තුළ අන් අයව ඝාතනය කිරීමට සිදුවන අවස්ථාවලදී පවා ඇය එය සාධාරණීකරණය කරන්නේ තමන් කුලී ඝාතකයෙකු නොවී සාධාරණය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු ලෙස සලකමින් බව වැඩි දුරටත් පවසා තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.