Masters of the Universe digital copies have been released.

Masters of the Universe digital copies have been released.

අතිශය ජනප්‍රිය He-Man කාටූන් කතාමාලාව ඇසුරෙන් නිර්මාණය වූ ජූනි මස මුල තිරගත වීම ආරම්භ කර බොක්ස් ඔෆීස් වාර්තා අතර අසාර්ථකත්වයට පත් වූ Masters of the Universe සජීවි-ක්‍රියාදාම චිත්‍රපටය අද දින Amazon Prime Video ඔස්සේ ඩිජිටල් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඩොලර් මිලියන 170ත් 200ත් අතර දැවැන්ත පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම සිනමාපටය ලොව පුරා තිරගත වීම්වලින් උපයා ගැනීමට හැකිවූයේ ඩොලර් මිලියන 113.5ක පමණ මුදලක් පමණයි.

ඒ අනුව තිරගත වීම ආරම්භ වී දින 47ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස ඩිජිටල් ලෙස නිකුත් කිරීමට Amazon MGM Studios ආයතනය තීරණය කර තිබෙනවා. Travis Knight ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු මෙම චිත්‍රපටයේ Nicholas Galitzine විසින් He-Man ගේ චරිතයත් Jared Leto විසින් Skeletor ගේ චරිතයත් නිරූපණය කරනු ලබනවා.