Mary Rivera who played Ned Leeds Lola in Spider-Man: No Way Home passes away at 82

Mary Rivera who played Ned Leeds Lola in Spider-Man: No Way Home passes away at 82

Spider-Man: No Way Home චිත්‍රපටයේ Ned Leeds ගේ මිත්තණිය එනම් Lola ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනී Mary Rivera අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඇය 82 වැනි වියේ පසුවූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය රංගනයෙන් දායක වූයේ ඉතා සුළු කාලයක් සඳහා පමණක් වුවද, එම අපූරු චරිතය ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වීමට සමත් වුණා.

විශේෂයෙන්ම මෙම චිත්‍රපටයේ එන අතිශය වැදගත් මෙන්ම විනෝදාත්මක දර්ශනයකට ඇය සිය රංගනයෙන් දායක වූ අතර, ඇයගේ මෙම හදිසි අභාවයත් සමගින් ලොව පුරා විසිරී සිටින මාවල් රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා.