Lionel Messi breaks Diego Maradona’s World Cup assist record

Lionel Messi breaks Diego Maradona’s World Cup assist record

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල නිර්මාණය කිරීමේ අවස්ථාවන් (assists) ප්‍රමාණයක් නිර්මාණය කර දුන් ක්‍රීඩකයා බවට Lionel Messi වාර්තා අතරට. මෙවර 2026 ලෝක කුසලාන තරගාවලිය තුළදී ඔහු විසින් ලබාදුන් සාර්ථක පන්දු යොමුවත් සමඟින් ඔහුගේ සමස්ත ලෝක කුසලාන ගෝල නිර්මාණය කිරීම් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසර 1966 සිට පවතින නිල දත්ත වාර්තාවලට අනුව මීට පෙර මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ගෝල නිර්මාණය කිරීම් 8ක් ලබාගෙන සිටි ආර්ජන්ටිනාවේම සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වූ Diego Maradona විසිනුයි. ඒ අනුව දශක ගණනාවක් පුරාවට පැවති එම ඓතිහාසික වාර්තාව බිඳ දමමින් තම මව් රටේම තවත් ජනප්‍රියතම ක්‍රීඩකයෙකු මෙලෙස ලෝක වාර්තා පොතට එක්වීම විශේෂත්වයක්

ඒ වගේම පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල වාර්තා කල ක්‍රීඩකයා බවටද Messi පත් වී තිබීම විශේෂත්වයක්.